
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
මේ අනුව විගණන වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම සඳහා ඒ ආයතන හාරසිය පනහෙන්ම ලිඛිත වාර්තා කැඳවීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසන්නේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩිම ආයතන විමර්ශන සඳහා තෝරාගැනීමට මේ ආකාරයට කටයුතු කරන බවයි.
දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩි ආයතන වල ප්‍රධානීන් ඉතාම ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා ඒවායේ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් එම විමර්ශනවලදී පැහැදිලි වශයෙන්ම අනාවරණය වන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බවත් නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොඳයි. නමුත් CEB එකේ වගේ ඇරියස් තියන අධ්‍යක්ෂකලා ගෙන්වලා ජනතාවට ආතල් ඒකක් දෙන්න එපා. වැරදිකරුවන් ඉවත් කර දඩුවම් දෙන්න නැවත නොකරන්න. බැනුම් අහලා යන්න ඉන්න අය සහ බැනගන්න බැරි අධ්‍යක්ෂ ලා show වලට නොගෙන්නවා COPE එක මහජනතාවට යමක් වෙන කොමිටියක් කරන්න.
අපේ බදු සල්ලි ගිලින විශාලම පාඩුවක් කරන සුදු අලියා ශ්‍රී ලන්කන් ගුවන් සේවය බව දන්නෝ දනිති , මුලින්ම එකට පිලියමක් යොදන්න