
(සුජිත් හේවාජුලිගේ)
පිරිපුන් සංවිධානය ජාතික පරිවර්තනයක් අරමුණු කරගනිමින් බිම් මට්ටමින් නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අලුත්ම වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම මෙහි පළමු අදියර බව පිරිපුන් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මේ අනුව පිරිපුන් සංවිධානය රට පුරා තෝරාගත් ගෘහණියන්ට කුඩා ව්‍යාපාර ස්ථාන (පෙට්ටි - කඩ) 1,000ක් පළමු වටය යටතේ ලබාදීමට කටයුතු කෙරේ. එමඟින් ඔවුන්ට තමන්ගේම ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව දේවසිංහ මහතා ප්‍රකාශ කළේය.
කාන්තාවන්ට ව්‍යාපාර සඳහා සූදානම් වීම සඳහා ආකල්පමය පුහුණුවක්ද මෙමගින් ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව එම පිරිස් ශක්තිමත් ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා ව්‍යුහගත වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනෙන බවත් හෙතෙම කීවේය.
පිරිපුන් සංවිධානය පිහිටවනු ලැබ ඇත්තේ පවතින පාලනය පිළිගන්නා ගමන් ඉන් ඔබ්බට යන යහපාලනයක් ඇති කිරීම මූලික අරමුණු කර ගනිමිනැයිද ආනන්ද දේවසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොඳ ව්‍යවසායකයන් බිහිකරන ’’පිරිපුන්’’ වැඩක්