IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෑන්රියක් සොරාගෙන උගස් කර පෙම්වතිය එක්ක සවාරි ගහලා

( ෂේන් සෙනෙවිරත්න)

මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රාත්‍රී ඩී.එස්. සේනානායක වීදියේ පවත්වාගෙන යනු ලබන වාහන අලෙවිසලකට පසුගිය 22 වැනි දින රාත්‍රී කාලයේ ඇතුළු වී ටොයටා නෝහා වර්ගයට අයත් වෑන් රථයක් සහ ඊට අදාළ ලියකියවිලිද වාහන අලෙවි සැලෙන් සොරා ගෙන ගොස් තිබුණි.

සැකකරු එම වෑන් රථය මාතලේ පල්ලේපොල ප්‍රදේශයේ උගස් කරුවෙකුට රුපියල් ලක්ෂ 15 ක මුදලකට උගස් කොට එම මුදලින් නවීන පන්නයේ යතුරු පැදියක් මිලදී ගෙන ඔහු සේවය කළ අවන්හලේම සේවයේ නියුතු යුතු පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (5)

වෑන්රියක් සොරාගෙන උගස් කර පෙම්වතිය එක්ක සවාරි ගහලා

Neel Sunday, 28 September 2025 12:44 PM

අවංක ආදරය කල කොල්ලේක්...

:       0       2

Nandana Sunday, 28 September 2025 12:57 PM

පෙර වරදී නැත්නම් පොඩි සමාවක් දෙන්න, මොනා උනත් ලව් එකටනේ.

:       0       2

pakeer Sunday, 28 September 2025 02:14 PM

එල පොරක් නියමයි.

:       6       12

ලුම්බිණි Monday, 29 September 2025 06:20 AM

ආදරයට සීමා නැත .

:       0       3

ගුණරත්න Monday, 29 September 2025 08:12 AM

එල කොල්ලෙක් තමයි පකීර් මහත්තයා, හොරකමේ වටිනාකම වැඩි නිසා මූට කලක් හිරේ තපින්න ලැබෙනවා. ටියුෂන් අරගෙන කනෙක්ෂන් හදාගෙන, නමකුත් දාගෙන නිදහස් වෙච්ච කාලෙක ඒරියා එකක් රන් කරන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site