
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු එසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු රාත්‍රී ඩී.එස්. සේනානායක වීදියේ පවත්වාගෙන යනු ලබන වාහන අලෙවිසලකට පසුගිය 22 වැනි දින රාත්‍රී කාලයේ ඇතුළු වී ටොයටා නෝහා වර්ගයට අයත් වෑන් රථයක් සහ ඊට අදාළ ලියකියවිලිද වාහන අලෙවි සැලෙන් සොරා ගෙන ගොස් තිබුණි.
සැකකරු එම වෑන් රථය මාතලේ පල්ලේපොල ප්‍රදේශයේ උගස් කරුවෙකුට රුපියල් ලක්ෂ 15 ක මුදලකට උගස් කොට එම මුදලින් නවීන පන්නයේ යතුරු පැදියක් මිලදී ගෙන ඔහු සේවය කළ අවන්හලේම සේවයේ නියුතු යුතු පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක ආදරය කල කොල්ලේක්...
පෙර වරදී නැත්නම් පොඩි සමාවක් දෙන්න, මොනා උනත් ලව් එකටනේ.
එල පොරක් නියමයි.
ආදරයට සීමා නැත .
එල කොල්ලෙක් තමයි පකීර් මහත්තයා, හොරකමේ වටිනාකම වැඩි නිසා මූට කලක් හිරේ තපින්න ලැබෙනවා. ටියුෂන් අරගෙන කනෙක්ෂන් හදාගෙන, නමකුත් දාගෙන නිදහස් වෙච්ච කාලෙක ඒරියා එකක් රන් කරන්න පුළුවන් වෙයි.