
(චාන්දනී දිසානායක)
පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ රැගත් විදුලියෙන් ක්‍රියාත්මක කරන ඩක්කුව කඩා වැටී ප්‍රපාතයට වැටීමෙන් තුවාල ලැබූ තවත් හිමි නමක් අපවත් වූහ.
පසුගිය දා සිදු වූ එම අනතුරින් භික්ෂූන් වහන්සේලා 7 නමක් අපවත් වූ අතර තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලදහ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පන්නිපිටියේ ඉන්දෝභාස හිමියන් අද අලුයම අපවත් වූහ.
අනතුරින් තුවාල ලැබූ ඉන්දෝභාස හිමියෝ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහියෙන්(සතිය) ජීවත් වීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට භාවනා කිරීමටම අවශ්‍ය නෑ. ඒ මොහොත පිළිබදව අවබෝධය ප්‍රමාණවත්. උපරිම බර කිලෝග්‍රෑම් 500 යි. හැබැයි 13 දෙනාටම එක පාරම යන්නත් ඕනි. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. ඉවසීමත් නෑ. එදිනෙදා ජීවිතේ මේක ඕන තරම් දකින්න පුලුවන්. ට්‍රැෆික් එකේ හෝන් ගහනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. රතු වැටිලා තියෙනකොට පාර පනිනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. කී දෙනෙක් හිටියත් ලිෆ්ට් එකට කොහොම හරි රිංග ගන්න බලනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. ඉවසීම, සිහිය සහ විනය මේ හාමුදුරුවරුන්ට තිබුණේ නම් මේ අකල් මරණ සිදුවන්නේ නැත.
ඔබවහන්සේගේ උතුම් පැතුම වූ නිවන් අවබෝධ කරගන්න ඉක්මන් භාවයකදීම හැකිවේවා.
උන්වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධවීමට අවශ්‍ය කටයුතු සැලසේවා