
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාසලකට කඩා වැදී 9 හැවිරිදි දරුවෙකුට පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ තහනමට ලක් වූ කොස්තාපල්වරයෙකි. පහර කෑමට ලක් වූ දරුවා රෝහල් ගතව ඇත.
සැකකාර කොස්තාපල්වරයාගේ දියණිය සහ පහර කෑ දරුවා එකම පාසලේ එකම පන්තියක ඉගෙනුම ලබන අතර තවත් දරුවන් කීප දෙනෙකු සමග එකතුව සෙල්ලම් කරමින් සිටියදී දැරිය තල්ලුවී බිම වැටීමෙන් ඉදිරි දතේ කොටසක් කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙයින් උරණව තිබූූ දැරියගේ පියා වන සැකකරු පන්ති කාමරයට කඩා වැදී දරුවාට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පන්ති පාර ගුරුතුමියගෙන්ද ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd