
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඔවුන් නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන "පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය" අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (29) පැවැත්වේ.
2018 වර්ෂයෙන් පසු උසස් පෙළ සුදුසුකම් මත තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස මොවුන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැයෙන් සැලැස්මක් යෝජනා කළ අතර වරින් වර එම බඳවා ගැනීම් සිදු කරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා හරි හොඳයි, අස්වැසුම දෙනවා, සෞඛ්‍ය සේවකයෝ පත්කරනවා, ඩෙංගු මර්දන සේවකයෝ පත්කරනවා, රජයේ සේවකයෝ පත්කරනවා, උසස්පෙළ කොල්ලන්ට කෙල්ලන්ට 5000 ගානේ බෙදනවා, මේ ආණ්ඩුව තව මොනවද නොකළේ.
අලුත් පත්වීම් දීලා මහජනයාට තවත් බර පටවනවට වඩා දැනටමත් නිකන් ඉඳගෙන පඩි කන මග නැගුම.,දිවි නැගුම, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී ආදී ලක්ෂයක් විතර ඉන්න අය වලුන් පත් කරා නම් හොඳ නැද්ද?