IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රාජ්‍ය සේවයට අලුතින් 2000ක්

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඔවුන්  නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන "පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය" අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්   අරලියගහ මන්දිරයේදී හෙට (29) පැවැත්වේ.

2018 වර්ෂයෙන් පසු උසස් පෙළ සුදුසුකම් මත තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස මොවුන්  බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අයවැයෙන්  සැලැස්මක් යෝජනා කළ අතර  වරින් වර එම බඳවා ගැනීම් සිදු කරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි.

 

 

 



අදහස් (3)

රාජ්‍ය සේවයට අලුතින් 2000ක්

ගුණරත්න Sunday, 28 September 2025 03:24 PM

ශා හරි හොඳයි, අස්වැසුම දෙනවා, සෞඛ්‍ය සේවකයෝ පත්කරනවා, ඩෙංගු මර්දන සේවකයෝ පත්කරනවා, රජයේ සේවකයෝ පත්කරනවා, උසස්පෙළ කොල්ලන්ට කෙල්ලන්ට 5000 ගානේ බෙදනවා, මේ ආණ්ඩුව තව මොනවද නොකළේ.

:       4       6

Chandana Sudath Wijeratne Monday, 29 September 2025 03:28 PM

මේ වගේ ගොබ්බයින් යහමගට ගන්නට වැඩපිළිවෙළක් හදන්න බැරි වුණා තාම...

:       0       0

PGP Thilak Sunday, 28 September 2025 10:01 PM

අලුත් පත්වීම් දීලා මහජනයාට තවත් බර පටවනවට වඩා දැනටමත් නිකන් ඉඳගෙන පඩි කන මග නැගුම.,දිවි නැගුම, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී ආදී ලක්ෂයක් විතර ඉන්න අය වලුන් පත් කරා නම් හොඳ නැද්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site