
(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරුන් සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා හරසරින් පිළිගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.
සැප්තැම්බර් 27 වන දින ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටකයොන්ටයි, අර විරුවා කියන කෙනාටයි... අනුරගෙන් ඉගෙන ගන්න ඕනේ රාජ්‍ය නායකත්වය කියන්නේ කුමක්ද කියලා…
ඕං බලන්ටකො අපේ ජනාධිපති සහෝදරයා මෙදා සැරේ ජපානෙන් ගේනවා ආයෝජන ඉතිහාසේ කිසිම රාජ්‍ය නායකයකුට කරන්න බැරි වුණු විදිහට. අපේ සේදුම් බලකා සහෝදරවරුන්ට උඩ පැන පැන අප්පුඩි ගහන්න පුළුවන් වෙන්න...
පිටිගල වගේ මහතුන්ලා ජනාධිපති තුමාට ඇත්තටම සපෝට් නම් කළ යුත්තේ විකාර කතා නොලියා සිටීමයි. රජු අසල සිටි මෝඩ වඳුරාගේ චරිතයට ආරූඪ නොවී සිටීමයි.
මිත්‍ර රටක ජනාධිපති තුමා, රාජ්‍ය ගෞරව සහිතව පිලිගැනීමට, ජපාන අග්‍රාමාත්‍යවරයා හෝ වෙනත් උසස් ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හො ගුවන් තොටුපලට නොපැමිණීම අපෙ ශ්‍රී ලංකාවට ජපන් රජය කරන ලද මදි පුංචි කමක් හැටියට අපට පැහැදිලිවම පෙනෙනවා..
මේ පාරනම් සහතිකය ශුවර්...
එඩ්වඩ් එතකොට අර අලි මොනාද කරනකොට අස්සේ රිංගලා තැලිච්ච වදුරාද…?
එඩ්වඩ් අර මොනාද කරපු අලි අස්සේ රිංගලා මැජික් බලලා තැලිච්චි කෙනෙක් වාගේ…
නුර IQ අනිත් පාලකයන්ට වඩා වැඩිවෙන්න ඕනි. එයා math stream ආවේ ගොඩක් ප්‍රශ්න තියන කාලවල විතරක් නෙවි. පේර ඉන්ගිනියරින් සිලෙක් වෙච්ච. කැළණියෙන් physical science කරපු කෙනෙක්.
මහින්ද මත්තයා යුද්ධය ඉවර කරපු නිසා රනිල් ආර්ථිකය ගොඩගත් නිසා මේ මනුෂ්‍යයා ලෝකෙ වටේ යන්න පුළුවන්.