දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යධිකාරිවරයා වැඩ අරඹයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස පත්වූ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරේ වැඩභාර ගැනීම කොළඹ මරදානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ මුලස්ථානයේදී අද (08) සිදු කෙරිණ. 08 July 2021
උද්ඝෝෂණයක නිරත වු 31 ක් අත්අඩංගුවට උද්ඝෝෂණ තහනම් තිබියදී අද (8) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වු 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 July 2021
විල්පත්තුවට අනවසරයෙන් ගිය දඩයක්කරුවන් 8 ක් අත්අඩංගුවට වන සතුන් දඩයම් කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවී වාඩියක් ඉදිකරගෙන සිටි යුදහමුදාවේ ව්ශ්රාමිකයෙකු ඇතුලු දඩයක්කරුවන් අට දෙනෙක් වනජීවී නිලධාරීන් විසින් ඇත අඩංගුවට ගනු ලැබුහ. 08 July 2021
දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එජාපය නඩු මඟට රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට අද(8) උපදෙස් දුන්නේය. 08 July 2021
‘ නිර්දේශයක් නැතුව තිස්සවැව හාරන්න දෙන්නැ ‘ තිස්සමහාරාම වැවෙහි රොන් මඩ ඉවත් කිරිමේ ව්‍යාපෘතියට අවසර දීමට පෙර විශේෂඥ කමිටුවක වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය. 08 July 2021
පොලිස් නිලධාරියාගේ විවාහයට ආ අයකුට කොරෝනා යාපනය අච්චුවේලීයේ පොලිස් නිලධාරියකුගේ නිවසක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ අයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා එම මංගල අවස්ථාවට සහභාගී වූ පොලිස් නිලධාරීන් 08 දෙනකු ඇතුලු 64 ක් නිරෝධායනයට යොමු කළ බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 08 July 2021
අගමැතිටත් නව ඇමති ධූරයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දුන්නේය. 08 July 2021
බැසිල් මන්ත්‍රී ධූරයේත් දිවුරුම් දෙයි ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අසූවීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කතානායකමහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 08 July 2021
‘ආවා‘ කල්ලියේ 6 ක් අත්අඩංගුවට මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩා වැදී පහර දී එහි පුද්ගලයින් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ’’ආවා ’’.කල්ලියේ සාමාජිකයන් හය දෙනකු යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අද (8) අලුයම අත්අඩංගුවට ගත් පොලිසිය කියයි 08 July 2021
බැසිල් මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දුන්නේය. 08 July 2021
ගම් දෙකක් හුදකලා කරයි පැතිර යන කොරෝණා තත්වය හේතුවෙන් දිවයිනේ තවත් ප්‍රදේශ දෙකක් අද (08) උදෑසන 6 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 08 July 2021
වර්ෂාව වැඩි වන ලකුණු දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය හෙට (9) සහ අනිද්දා (10) දිනවල දී වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 July 2021
නිරෝධායනය කැඩූ 298ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 298 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 July 2021
ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් සමඟ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීම අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. 08 July 2021
සහරාන්ගේ පන්තිවලට සහය දුන් අයෙක් අල්ලයි සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ පැවැත්වූ අන්තවාදී පන්ති සඳහා සහයෝගය ලබාදුන් සැකකරුවකු නරම්වල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 08 July 2021
සිසුවියන්ට අන්තර්ජාලයෙන් කැත වැඩක් කළ තරුණයෙක් මාට්ටු සූම් තාක්ෂණය සදහා පැකේජ ලබාදෙන බව පවසා පිටබැද්දර පාසලක සිසුවියන් පිරිසකගේ දුරකතන අංක ලබාගෙන ඔවුන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයකට ලක් කළ සැකකරුවකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශනය විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 July 2021
කොළඹ නගරයේ දී ෆයිසර් අද දෙන්නේ නෑ ’ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ සඳහා දෙවන මාත්‍රාව ලෙස අද (8) දිනයේ ද කොළඹ නගරයේ ’ෆයිසර්’ එන්නත ලබා දීමට සැලැසුම් කර තිබුණ ද එය තාවකාලිකව කල් දැමීමට සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ. 08 July 2021
කොරෝනා මරණ 38ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 38දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 July 2021
මුහුදු ගමන් හෙට අවදානම් මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (8) පෙරවරුවේ සිට ලබන 10 වැනිදා පෙරවරුව දක්වා ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2021
ජයවර්ධනපුර රෝහලේදීත් කොරෝනා එන්නත් ලබා දෙයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජනතාවට සයිනොෆාම් එන්නත් ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද සිට ආරම්භ විය. 07 July 2021
ජෛව බුබුල කැඩූ ක්‍රීඩකයන් ගැන සොයන්න කමිටුවක් එංගලන්තයේදී පසුගියදා අවසන් වූ තරග සංචාරය අතරතුරදී ‘ජෛව ආරක්ෂිත බුබුල’ කඩකරමින් වීථි සංචාරය කළ ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවකුගෙන් සමන්විත නව කමිටුවක් පත්කළේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. 07 July 2021
ඇප ලැබූ පෙරටුගාමින් දින 14ක් පල්ලේකැලේ නිරෝධායනයට කොම්පඤ්වීදිය ඩබ්ලිව්. ඞී. රාමනායක මාවතේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නිති කඩ කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 07 July 2021
කොරෝනා ආසාදිතයන් 678ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 678 දෙනෙක් අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 July 2021
‘‘දැරියට අතවර කළ අයගේ තරා තිරම නොබලා හැමෝම අත්අඩංගුවට ගන්න‘‘ අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරියට අතවර කළ බවට අනාවරණය වන සියළු සැකකරුවන් ඔවුන්ගේ තරා තිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද නියෝග කළාය. 07 July 2021
පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා වැඩි කිරීම සඳහා සේවකයන්ගේ අවම වේතන පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. 07 July 2021
වෙල්ගමගේ අලුත් පක්ෂයට දයාසිරිගේ විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයට සමානකම් තිබෙන නමකින් කුමාර වෙල්ගම මහතා නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කර ඇති ඉල්ලීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 07 July 2021
කෝවිඩ් ආසාදිතයෙක් එන්නත් මධ්‍යස්ථානයක්ම අමාරුවේ දාලා කොවිඩි ආසාදිත පුද්ගලයකු සහ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු මීගොඩ පානළුව සිරිනිවාසාරාම විහාරස්ථානයේ එන්නත් මධ්‍යස්තානයට ගොස් එන්නත් ලබාගෙන ඇති බවට තහවුරු වූ බව මිගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 07 July 2021
මාධ්‍ය මර්දනයෙන් ජනතා ප්‍රශ්න වහන්න බෑ මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්රයක් සිතනවා නම් එය විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 07 July 2021
කතරගම පෙරහරට පෙර පිරිත් පින්කම හෙට රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට තෙරුවන්ගේ සහ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා පවත්වනු ලබන පිරිත් පිංකම 09 වැනි දින දේවාල භුමියේ ඇති පිරිත් මණ්ඩපයේ දී සිදු කිරීමට නියමිත බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. 07 July 2021
මැතිසබය විනාඩි දහයකට නවතී ඝණ පූර්ණය නොමැතිවීම නිසා පාලිමේන්තුවේ කටයුතු අද (7) පස්වරුවේ විනාඩි දහයකට ඇන හිටියේය. 07 July 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026