ඔළුව ඔල්මොරොන්දන්වන රජයේ වෙබ් අඩවි ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය. 21 February 2022
ඕ.අයි.සීගේ මාස්ක් එක ගලවන්න ගිය ගායකයාට මාංචු රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ කළ බව කියන ප්‍රසිද්ධ රැප් ගායකයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 21 February 2022
ගැඹුරු මුහුදේදී අසනීප වූ ධීවරයා නිරුපද්‍රිතව ගොඩට ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් එකසිය 115 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දැඩි ලෙස අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දක්ෂිණ නාවික හමුදා කදවුරේ නිලධාරීන් අද (21) පියවර ගත්තේය. 21 February 2022
මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් මස් සමඟ මාට්ටු මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී දඩයමේ ගොස් සිටි සැකකරුවන් පස් දෙනකු දඩයම් කළ සතුන් ගේ මස් කිලෝ 50 ට ආසන්න ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2022
‘විදුලි කප්පාදුව දෛනිකව තීරණය කරන්න බෑ‘ විදුලි කප්පාදුව පිළිබඳ තීරණය කිරීම දෛනිකව කළ නොහැකි කටයුත්තක් බවත් කප්පාදුව පිළිබඳ සැලසුම් සහගත තීරණයකට බලධාරීන් හැකි ඉක්මනින් මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 21 February 2022
රත්මලානේ රොහාගේ මස්සිනා පිහි පහරින් මරුට පොලිස් වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලාන රොහාගේ මස්සිනා රත්මලාන රස්ටම් වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 21 February 2022
පළාත් කිහිපයකට අදත් වැසි නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන අතර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 February 2022
පුහුණු වෙන්න ගිය මෝටර් රථය ඔයට පෙරළෙයි මහනුවර රන්දෙණිගල මාර්ගයේ කිවුල් ළිඳ හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටී තිබේ. 21 February 2022
තෙල් මිල වැඩි කරන්නම ඕනෑ පවතින මූල්‍යමය තත්වය අනුව ආණ්ඩුව තෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය. 21 February 2022
තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි. 21 February 2022
පසුපෙළ මන්ත්‍රිවරු ගොවීන් වෙනුවෙන් කතා කරති ලබන යල කන්නයේ සිට සියලු ගොවීන්ට සූරියා පොහොර නොමිලයේ ලබා දෙන ලෙසට පසුපෙළ මන්ත්‍රි පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. 20 February 2022
වගා හානි ගෙවන්න සැලැස්මක් මෙවර මහ කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදය ඇතුළත් සැලැස්මක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 20 February 2022
චන්ද්‍රිකා වනසන සර්ප රොබෝවක් චීනය නිපදවයි ඉලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකාවලට අභියෝගයක් වන චන්ද්‍රිකා නාශක රොබෝ අවියක් චීනය නිපදවා ඇත. 20 February 2022
චීනයෙන් ඕස්ට්‍රේලියා ඔත්තු ගුවන් යානයකට ලේසර ප්‍රහාරයක් චීන යුද නෞකාවක් ඕස්ට්‍රේලියානු ඔත්තු බැලූ ගුවන් යානයකට ලේසර් කිරණ ප්‍රහාරයක් එල්ල කර ඇත. 20 February 2022
ලොව කොරෝනා රැල්ල සමනය වන ලකුණු ගෝලීය වශයෙන් ඔමික්‍රොන් රැල්ල පැතිරීම සියයට 22 දක්වා වන බවත් පසුගිය සති කීපය හා සංසන්දනයේ දී මෙම රැල්ල වේගයෙන් සමනය වන බව කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි. 20 February 2022
තිස්ස බණ්ඩාරනායක දිවි රඟමඩලින් බැස යයි ප්‍රවීණ රංගන ශිල්පියකු වන තිස්ස බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත විය. 20 February 2022
ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමට පත්වන්නේ නැහැ තමාගේ නිවෙසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බව හිරු රූපවාහිනි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය. 20 February 2022
හෙට විදුලිය කැපීම දකුණේ පමණයි ලංකා විදුලිබල මණ්ඩලය දින එකහාමාරකට පමණ ඉන්ධන ලබාගැනීමට අද කටයුතු කිරීම නිසා හෙට (21) දකුණු පළාතේ පමණක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පස්වරුවේ පැවසීය. 20 February 2022
ආසාදිතයන් අදත් දහස පනී කොවිඩ් ආසාදිතයින් තව 1,231 ක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 February 2022
කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම යට රථ ගාලයක් කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත්වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම්වල ඉදිකිරීම්වල වර්ථමාන තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා නිරත විය. 20 February 2022
එලිසබත් මහ රැජිනට කොරෝනා බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය. 20 February 2022
කොරෝනා මරණ 25ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 25 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 February 2022
රිය අනතුරකට රජයෙන් ලක්ෂ 10ක වියදමක් රිය අනතුරකින් පුද්ගලයකු මිය ගියොත් ඔහු වෙනුවෙන් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැයවෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( අපරාධ හා රථවාහන ,ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 20 February 2022
‘‘ශ්‍රී ලංකාවේ තානාපතිවීමට ලැබීම සතුටක්‘‘ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික සම්බන්ධතා ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිය පවසයි. 20 February 2022
අර්ථ සාධකයෙන් සියයට 30 ගන්න තවත් පහසු කරයි සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට එම අරමුදලින් සියයට 30ක මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 20 February 2022
දරුණු ගනයේ අපරාධකරුවන් හතරක් අල්ලයි කොල්ල කෑම්, සොරකම් ,ඇතුළු අපරාධ රැසකට මෙන්ම හිමි නමකට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 20 February 2022
තෙල් සංස්ථාව බැංකු දෙකට රුපියල් කෝටි 74,000 ක් ණයයි ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා තව දුරටත් ණය නොදෙන ලෙස එම බැංකුවලට මහ බැංකුව උපදෙස්දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 February 2022
පාස්කු මොලකරු සොයන හැටි එජාප ලේකම් කියයි පාස්කු බෝම්බ ප්‍රහාරයේ නියම වගකිව යුත්තාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හතරවෙනි තට්ටුවට ගෙන ගොස් ප්‍රශ්න කර අධිකරණයේ නඩු පැවරීම බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 20 February 2022
රජයේ වාහන පැදවීමෙදී දැඩි කොන්දේසි රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී ඇත. 20 February 2022
එඬරු ඇටයෙන් ඩීසල් නිපදවා වාහන දුවන අපේ ජීවකයා එඬරු ඇට යොදා ගනිමින් ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය කර එම ඉන්ධනවලින් තම වාහන ක්‍රියා කරවන වෛද්‍යවරයකු අනුරාධපුරයෙන් අද අපට හමුවිය. 20 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026