කම්කරු වන්දි මුදල ලක්ෂ 20 දක්වා වැඩි වෙයි කම්කරුවන්ට අනතුරුවලදී ගෙවන උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළට දැමීමට රජය තීරණය කර ඇත. 24 February 2022
තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය. 24 February 2022
තාත්තා පැදවූ ත්‍රිරෝදයෙන් බිමට වැටී එයටම යටවී සිඟිත්තිය මරුට හොරණ 20 කණුව ප්‍රදේශයේදී පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් බිමට වැටී එම ත්‍රීරෝද රථයටම යටවී අවුරුදු එකයි මාස දෙකක් වයසැති දැරියක් ඊයේ (23) මියගිය බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි 24 February 2022
“දෙමටගොඩ රුවන්” ගේ මීගමුවේ සැප හෝටලයක් සී.අයි.ඩී භාරයට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි හෝටලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (24) පස්වරුවේදී සිය භාරයට ගෙන තිබේ. 24 February 2022
දෙව්මිණි සහ වස්තු හිමිකරුවන්ට බාර දෙන්න බලපත්‍ර නොමැති බව සඳහන් කරමින් මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී දෙව්මිණි, සහ ,වස්තු, යන අලි පැටවුන් දෙදෙනා ඔවුන්ගේ හිමිකරුවන්ට මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය. 24 February 2022
පැය 5කට රටම අඳුරේ විදුලි කප්පාදුව පළමු වරට හෙට දිනයේ පැය 5 කට අධික කාලයක් සඳහා අවසර දී තිබේ. 24 February 2022
කහවත්තේ නිල් මැණික ගිනස් පොතට කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. 24 February 2022
හඳපාන්ගලදී ගවහිමියෙක් වල් අලි පහරින් මරුට ගවයින්ට තණ කැවිමට වැල්ලවාය හදපානගල වැව් රක්ෂිතයට ගිය ගවහිමියෙකු ඊයේ(24) දහවල් වන අලි පහරදිමකින් එම ස්තානයේදිම මියගොස් තිබේ . 24 February 2022
රාජ්‍ය අමාත්‍යාංශයක් යළි පිහිටුවමින් ගැසට්ටුවක් අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 24 February 2022
දුම්රිය ගැටලු විසඳන්න කොමිසමක් දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (24) උපදෙස් දුන්නේය. 24 February 2022
යුක්රේනය රුසියන් ප්‍රහාරක යානා හයක් බිම හෙළයි යුක්රේනය සහ රුසියාව අතර ඇති වූ යුද ගැටුම් අතර තුර රුසියාවේ ප්‍රහාරක ගුවන් යානා 5 ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් බිම දැමූ බව යුක්රේන හමුදා පවසයි. 24 February 2022
‘වැස්ස ලැබෙන තුරු විදුලිය කපන්න වේවි‘ වර්ෂා කාලය උදාවන තුරු විදුලිය කෙටි කාලයකට විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල වැඩබලන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 February 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විරෝධතාවක ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු කිහිපදෙනෙකු අද(24) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වූහ. 24 February 2022
ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනයේ තීන්දුවට දිනයක් රත්නපුර මහාධිකරණය විසින් තමන්ට එරෙහිව නියමකරනු ලැබූ මරණීය දණ්ඩනයෙන් තමන් නිදෙස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකු ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු මස 31 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (24) දැනුම් දුන්නේය. 24 February 2022
ඔන්ලයින් කරන්න දුන් දුරකතනයෙන් ජරා වීඩියෝ බලා දැරියක් ගැබිනියක් කරලා මාර්ගගත අධ්‍යාපනයට මව්පියන් දුන් ජංගම දුරකථනයෙන් අසැබි දර්ශන නරඹා 14 හැවිරිදි දැරියක් හත් මසක ගැබිනියක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 24 February 2022
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිගමනට සමුදෙයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය. 24 February 2022
ආණ්ඩුව මුළු රටම අඳුරේ තියලා විදුලි අර්බුදයට විසඳුමක් නොසොයන ආණ්ඩුව මුළු රටම අද අඳුරේ තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 February 2022
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සියලු සිසුන් සදහා සරසවි විවෘත කිරීම, මහපොළ රු.10000ක් දක්වා වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරනු ලබන විරෝධතාවක් මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වේ. 24 February 2022
ඉන්ධන අර්බුධයෙන් නුවරඑළියේ එළවලු ප්‍රවාහනයට බාධා ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලියේ එළවලු ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 24 February 2022
විදුලි අර්බුදයට විසඳුම් දෙන්න යෝජනා පත්‍රයක් අගමැතිට විදුලි අර්බුදයට දිගුකාලින විසඳුමක් සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනා පත්‍රයක් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (24) භාරදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 24 February 2022
පුරා වස්තු විනාශයට එරෙහි පියවරගන්නැයි විරෝධතාවක් දඹදෙණියේ පෞරාණික වස්තු විනාශය ඇතුළු රට තුළ සිදුවන පුරාවිද්‍යා වස්තු විනාශ පිළිබඳව බලධාරීන් පියරව නොගැනීමට එරෙහිව භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසක් පුරාවිද්‍යා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ. 24 February 2022
‘අධි බාර බද්ද ඉවත් කරගන්න‘ අධි බාර බද්ද ඉවත් කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 February 2022
බාදුරාගොඩ යුවළක් කපා තුවාල කළ සැකකරුවෝ සිවු දෙනාම දැලේ බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 15 දා නිවසකට පැන කුඩා දැරියන් දෙනෙකු කපා කොටා දැමීමට සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වූ වයස්ගත යුවළක කපා කොටා තුවාල සිදු කළ බව කියන මැර කල්ලියේ සිවු දෙනාම ඊයේ 23 වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කොටදෙනියාව පොලිසිය කියයි. 24 February 2022
ජනපති රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේනතුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියි. 24 February 2022
ජල නළය කැඩී පැය 48ක් ගියත් බලධාරීන් නිහඩයි මැදිරිගිරිය නවනගරය ප්‍රධාන මාර්ගයේ ජී.පී.ඒස් හන්දිය ජලය ප්‍රවාහනය කරන ප්‍රධාන ජල නළයක් කැඩී දින 2 පමණ කාලයක සිට විශාල ජල ප්‍රමාණයක් අපතේ යන බවට ගමුවාසීහු චෝදනා කරති. 24 February 2022
ආණ්ඩුවේ පක්ෂ ශ්රීලනිපය දෙවැනි දා මුණගැසෙයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් ලබන දෙවැනි දා කොළඹ දී පැවැත්වෙන රැස්වීමට සහභාගිවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇත. 24 February 2022
රුසියාව යුක්රේන් ඉලක්ක වෙත පහර දෙයි යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක්රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවලෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 February 2022
මැති සබය උණුසුම් වෙයි සභාවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි දහයකට කල් තබනු ලැබීය. 24 February 2022
රුසියන් හමුදා යුක්රේනයේ මෙහෙයුමක් අරඹයි ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුවේ රුසියානු හමුදාවන්ට විශේෂ හමුදා මෙහෙයුමක් සිදු කිරීමට තමන් අණදුන් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 24 February 2022
කාර් දෙකක් මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට මොරගහහේන හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී අද (24) අලුයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 24 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026