බොරු ප්‍රකාශ කිරීම වරප්‍රසාදවලට නිගාවක් භාෂණයේ නිදහස, පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාදී ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස ඒ වරප්‍රසාදවලට මුවාවී අපහාස කිරීමට, බොරු පැතිරවීමට හෝ භීතිය මැවීමට නොවේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2022
ලංසා ජනපතිට දුක කියයි අමාත්‍යාංශයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2022
පාස්කු වාර්තාවේ සියලු වෙළුම් පාර්ලිමේන්තු පුස්තකාලයට පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් 28 මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට බාරදුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ( 23) දැනුම් දුන්නේය. 23 February 2022
‘විදුලිය කැපීමෙන් උසස්පෙළ සිසුන්ට ඇතිවන බාධා ගැන අවධානය යොමු කරන්න‘ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය. 23 February 2022
වැඩි මිලට ටයිල් විකුණුවොත් කියන්න අංකයක් ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන වෙළෙන්දන් සහ ආයතන පිළිබඳව පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 February 2022
ඩීසල් හිඟයක් ඇති බව ගම්මන්පිල පිළිගනී රටේ ඩීසල් හිඟයක් පවතින බව පිළිගන්නේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 February 2022
උඩවලව කඳු විකිණීමට එරෙහිව ගම්මු පාරට බසිති උඩවලව සංඛපාල ගල්බොක්කයාය කදුවැටියේ කොටසක් කැණීම් සිදුකිරීම සදහා කොම්පැණිවලට විකිණීමට එරෙහිව ප්‍රදේශවාසීහු පිරිසක් කොළඹ ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය උඩවලව ගල්කොරිය මංසන්ධියේදී සම්පූර්ණයෙන්ම අවහිර කරමින් අද විරෝධතාවක් පැවැත්වූහ. 23 February 2022
දින 9 කින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ මව්වරුන්ට දීලා හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මාතෘ හා ළමා සායන මගින් ලබා දෙන ත්‍රීපෝෂ මෙවර ලබාදී ඇත්තේ දින නවයකින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ බව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් චෝදනා කරති . 23 February 2022
යුගදනවි පෙත්සමේ තීන්දුව පසුවට කල් යයි කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභහගයට ගන්නවාද? නැද්ද ? යන තීරනය සදහා එම නඩුව පසුවට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කලේය. 23 February 2022
පුෂ්පිකා පොලිසියට නොඑයි හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසටගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පිලියන්දල පොලිසියට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට කැඳවීමක් කර තිබුණ ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි. 23 February 2022
වනිදුට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග කොවිඩ් ආසාදිත බව තවදුරටත් තහවුරු වීම නිසා ඉන්දියාවට එරෙහිව මේ මස ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔහුට අහිමි වෙයි. 23 February 2022
රොසැල්ල-හැටන් අතර රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් අතර පිහිටි රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25ක් පමණ අද (23) අලුයම වන විට ගිනිගෙන විනාශ වි ඇත. 23 February 2022
බස් - බස් ගැටී 23ක් රෝහලේ හොරණ කොළඹ මාර්ගයේ කොරලඉම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ඇඟළුම්ලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් සේවක සේවිකාවන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි. 23 February 2022
ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි සිදු කිරීමට උපදෙස් ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කැබිනට් රැස්වීමේදී ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී ඇත . 23 February 2022
අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත . 23 February 2022
පුටින්ගේ යෝජනාව ඒකමතිකව සම්මතයි විදේශයන්හි තම සන්නද්ධ හමුදා භාවිතා කිරීමට අවසර දෙන යෝජනාවට රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය ඒකමතිකව සම්මත කළේය. 23 February 2022
හොරෙන් ගෙනා ජීප් රථයක් විකුණන්න ගිය 6ක් මාට්ටු තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් 6 දෙනෙකු පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් මාරවිලදී අත්අඩංගුවට ගනු ලැබීය . 23 February 2022
නීතිවිරෝධී දුම්වැටි 6000 සමඟ අයෙක් අල්ලයි තීරුබදු නොමැතිව නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කඳාන උතුරු බටගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 23 February 2022
ඩීසල් නැවට ඩොලර් ගෙවයි කොළඹ වරායෙන් පිටත දින හතරක සිට නවතා තිබෙන නෞකාවේ ඇති ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදල ඊයේ රාත්‍රී ගෙවූ බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 23 February 2022
කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය යළිත් අක්‍රීය වෙයි ඉන්ධන නොමැති වීම නිසා කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය ද අක්‍රිය තත්ත්වයට පත්ව ඇතැයි ලංකා විදුලිබල මන්ඩලය උසස් නිලධාරියකු ’ලංකාදීප’ යට පැවැසීය. 23 February 2022
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 February 2022
කොරෝනා මරණ 31 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 February 2022
අලුත් අසාදිතයෝ 1,254 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,254 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 22 February 2022
පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700 ක ඌනතාවක් ඇතිවීමෙන් හෙට (23) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 February 2022
පානදුර සලිදුගේ ලක්ෂ 80 ක සල්ලි කළුගල් ගොඩකින් එළියට විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු ’’පානදුර සළිදු’’ නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක් පානදුර , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද සමගින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 22 February 2022
කොටදෙනියාව අල්කයිඩා පවුලේ ප්‍රබලයෙක් දැලේ බාඳුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේ ජනතාව කපාකොටා දමමින් භීතියට පත් කළ අල්කයිඩා පවුලේ ප්‍රබල සාමාජිකයෙකු අද 22 දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 22 February 2022
සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ගේ ගුවන් යානය හදිසියේ කටුනායකට ගොඩබාලා සුපිරි ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ( George Clooney ) මහතා ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින අතරතුර , කටුනායක ගුවන් තොටුපළ වෙත ඉකුත් 19 දා විනාඩි 45 ක කාලයක් සදහා පැමිණ තිබේ . 22 February 2022
ගල්කිස්සේ දැරියක් විකුණා කෝටි 4 ක් ඉපැයූ තැරැව්කරු 4 තෙක් රිමාන්ඩ් ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක ඇතුලු කාන්තාවන් පිරිසක් ලිංගික කටයුතු සඳහා වෙළෙදාම් කර කෙටිකලකදී රුපියල් කෝටි 4කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ තැරැව්කරු, ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (22) නියෝග කළේය. 22 February 2022
ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක් විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි විසිලක්ෂයක පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 February 2022
ඛනිජ තෙල් තොග ගබඩාවේ ඩීසල් නෑ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඩීසල් තොග නොමැති බව එම සමාගමේ උසස් නිලධාරියෙක් අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 22 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026