පොහොට්ටුව මහා නායක හිමිවරුගෙන් කළ ඉල්ලීම සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට අවශ්‍ය සහාය දක්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂ වලට සහ අරගලය මෙහෙය වන සියලුම දේශපාලන කණ්ඩායම්වලට නැවතත් ආරාධනා කරන්නැයි සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් උදෙසා සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම ත්‍රෛනිකායික මහා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 29 April 2022
කෑගල්ල වෙඩි තැබීමේ සිද්ධිය පොලිසියේ තවත් තුනක් රිමාන්ඩ් රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබිමකින් විරෝධතාකරුවකු මිය යෑම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩි ගත කරන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් ග්‍රැන්විල් ප්‍රනාන්දු මහතා අද සවස නියෝග කළේය. 29 April 2022
‘එතනෝල්’ කිලෝ 12,800 රේගුවේ හිරවෙයි වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙක් ‘අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර’ ලෙස ප්‍රකාශ කර නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් කිලෝ 12,800 ක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගැනීමට සමත් විය. 29 April 2022
අන්තර් පාලනය විහිළුවක් අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (29) ‘ලංකාදීප’යට පැවසීය. 29 April 2022
ජනපතිට එරෙහිව ගොවියකුගෙන්-නිතිඥවරු දෙදෙනකුගෙන් පෙත්සමක් රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කර ඊට වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොවියකු සහ නිතිඥවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (29) ගොනු කර ඇත. 29 April 2022
ඖෂධ සහ වෛද්‍ය ආධාර රැගෙන ඝාරියල් කොළඹට ඉන්දියානු නාවික හමුදාවට අයත් ’INS GHARIAL’ නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය. 29 April 2022
අන්තර්වාර පාලනය ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් ප්‍රකාශයක් ක්‍රියාත්මක කිරීමට යන අන්තර් වාර පාලනය කුමක් දැයි ජනාධිපතිවරයාගෙන් මුලින්ම දැනගත යුතු බවත් ඊට පක්ෂයක් හැටියට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ඉන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 29 April 2022
ආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයි ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 29 April 2022
රඹුක්කන වෙඩි තබන්න අණ දුන් පොලිස් ලොක්කා 6 තෙක් රිමාන්ඩ් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය. 29 April 2022
ඒ.එච්.එම්.ෆවුසි අල්ලස් නඩුවෙන් නිදහස් ආපදා කළමනාකර අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා එම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 April 2022
කෝටි 4 ක වාහන රේගුවේදී මාට්ටු පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් නීතිවිරෝධීව එංගලන්තයේ සිට ආනයන කළ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක්, වාහන කොටස් පහක් සහ කහ කුඩු කිලෝ 1000 ක් ශ්‍රී ලංකා රේගුවේ ග්‍රේ ලියින් අංගනයේ නිලධාරීහූ අත්අඩංගුවට ගෙන තිබේ. 29 April 2022
මැයි 1 - 3 විදුලි කප්පාදුව නෑ ජාත්‍යන්තර කම්කරු දිනය සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 1 සහ 3 වැනිදා දෙදින විදුලි කප්පාදු නොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 29 April 2022
මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරයි මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. 29 April 2022
නීති විරෝධිව ඉන්දියාවට ගිය ලාංකිකයින් දෙදෙනකු අත්අඩංගුවට ඉන්දියාවට නීති විරෝධීව පැමිණි යාපනයේ පදිංචි ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉන්දීය නාවික පොලිසිය පැවසීය. 29 April 2022
කොළඹ මහ නගර සභාවේ සභා ගර්භයේ උද්ඝෝෂණයක් කොළඹ මහ නගර සභාව කොමසාරිස් නීතීඥ රෝෂිණී දිසානායක මහත්මියට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු සභා ගර්භයේදී අද (29) උද්ඝෝෂණයක නිරත වූහ. 29 April 2022
‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘ නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 29 April 2022
ශ්‍රී ලංකාවට නවසිලන්තයෙන් කිරි-මස් නවසීලන්තයේ කිරි සහ සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 29 April 2022
අදත් බාල්දු වූ රුපියල ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 347.05 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 359.99 ක් විය. 29 April 2022
ඇමැති ගම්ලත්ගේ නිවස ඉදිරිපිට පාංශකූලය දෙයි වත්මන් රජය ගොවියාගේ මළගම සිදු කරන බව පවසමින් ගොවීහු පිරිසක් අද(29 ) උදෑසන සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මිනී පෙට්ටියක් තබා පාංශකූලය ලබා දීම සිදු කළහ. 29 April 2022
ලිට්රෝ ලොක්කෙක්ට මිලියන තුනක වැටුපක් ? ගෑස් මිල ඉහළ යෑමේ පීඩනය ජනතාව දරාගන්නේ නම් රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බවත් ඒ සඳහා එම සමාගමේ නිලධාරින්ට බලකිරීමට බලාපොරොත්තු වන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර මහතා පැවසීය. 29 April 2022
භාණ්ඩවල මිල ලකුණු කරන්නත් ගැසට්ටුවක් ? භාණ්ඩවල මිල ලකුණු කිරීම සහ ලකුණු කළ මිලට අළෙවි කිරීම තහවුරු කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා ඉදිරි දිනවලදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු ආධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 April 2022
ඉන්ධන ඉල්ලන විට වෙඩි තබන රටක මොන කම්කරු අයිතියක් ද? බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී ඉන්ධන ඉල්ලා පෝලිම්වල හඬ නගන තරුණයන් වෙඩි තබා ඝාතනය කරන රටක කම්කරු අයිතීන් කිසිසේත්ම සුරැකෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 29 April 2022
සියඹලාපිටිය නි.කතානායක ධූරයෙන් හෙට ඉවත් වෙයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරෙන් හෙට (30) ඉවත් වනු ඇත. 29 April 2022
යතුරුපැදි-රන්මාල කොල්ල කෑ 4ක් පොලිස් දැලේ මනුෂ්‍ය ඝාතන 8 ට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 29 April 2022
සා.පෙළ විභාගයට දින දෙයි ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2021) ලබන මැයි මස 23 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 29 April 2022
ගුටරේස් සෙලෙන්ස්කී හමුවෙද්දී රොකට් ප්‍රහාරයක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කීව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 29 April 2022
මහින්දට යන්න නොදෙන අය ලලිත් එල්ලාවල හෙළි කරයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තා. මේ වෙලාවෙත් රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් කියන පණිවිඩය අපට දුන්නා. හැබැයි අගමැතිට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නෙ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවැසීය. 29 April 2022
ප්‍රදේශ රැසකට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 April 2022
විශ්වාසභංගය ලබන සතියේ කතානායකට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට බාර දීමට බලාපොරොත්තු වන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 29 April 2022
අගමැතිකමට අලුත් නමක් කරකැවෙනවා නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇති බවත් නව අගමැතිවරයකු සඳහා නමක් මේ දිනවල කැරකැවෙමින් තිබෙන බවත් අපේ ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 29 April 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026