(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සහනාධාර යටතේ ගොවීන්ට  ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට  පොහොර  නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට අලෙවි කර  ඇතැයි  ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නිසි අයුරින් ගොවීන්ට පොහොර නොමැතිවීම හේතුව සම්බන්ධයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍රසිරි මහත්වරුන්පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම අනාවරණය වී ඇත.

පෞද්ගලික සමාගම් දහහතක් සහ රජයේ සමාගම් දෙකක් ඇතුළු සමාගම් දහ නමයකට ගොවීන්ට පොහොර ලබාදීම සඳහා පොහොර ආනයනය කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය අවසර ලබාදී තිබිණි.