(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බොරලුගොඩ සිංහයොත්, සමාජවාදී පක්ෂත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැයට අවනත වී ඇතැයි සමගි ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගමැතිතුමා ද තම දර්ශනයට අවනත කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වී ඇතැයි කී එරාන් වික්‍රමරත්න මහතා එය ලොකු ජයග්‍රහණයක් බව ද කීය.
එහෙම අවනත වෙලා වෙනස් වෙලා ඉන්න එක රටට හොඳ බවද වික්‍රමරත්න මහතා පැවසීය.
මුදල් ඇමතිගේ මෙවර අයවැය ජනතාව ත්‍රෛලෝක සිහිනයක තරු අතර පා කරලා තිබෙන නමුත් නින්දෙන් ඇහැරුණාම කිසිම තරුවක් පෙනෙන්නේ නැතැයි ද කිසිම ප්‍රායෝගික සැලැස්මක් එහි නැතැයිද කීය.
අයවැය දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරලුගොඩ නරියයි කෙම්බ්‍රිජ් එකේ සමනලයයි එකතු වෙලා රට තවත් විනාශ කරනකොට, මුන් දෙන්නගෙ පූට්ටුව රටට හොදයි කියන්න . . එරාන්, ඔයත් මලක් ගහලද ඉන්නෙ?
1965 බොරළුගොඩ මහ සිංහයත් ඩඩ්ලිට එකතු වුණා..
මේ නම් බොරලු ගොඩ නරියෙක්, මේකගෙ පාරිලිමේකොන්මතු හැසිරීම දැක්කම කොහොමද මෙයාට සිංහයෙක් කියන්නෙ
එයාල සිංහයො කියා ගත්තට අපි මොනව කරන්නද?