(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමට සහ ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (16) දැනුම් දුන්නේය.
ඒ අනුව එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ සිටින්නේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතාය.
නසීර් අහමඩ්, අරවින්ද් කුමාර් නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මොහමඩ් මුසම්මිල් , චමින්ද විජේසිරි, වරුණ ලියනගේ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ කෝකිලා ගුණවර්ධන , ලලිත් වර්ණ කුමාර යන අය කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කතානායකවරයා මෙම නිවේදනය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
COMMENTS
මරු සභාපති. . ව්‍යාපාර ඔහේ පලයන් කියල දියුනු වෙයි බලාගෙන ඉද්දිම.. බල්ටි නැතත් විසිල් නම් එමටයි..