
( තිලකරත්න දිසානායක)
දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ආරම්භ විණි.
ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය මගින් 1998 වසරේ සිට කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මගපෙන්වීම යටතේ මෙලෙස බලපත් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කොට ඇති බව මෙහිදී ප්‍රකාශ විය.
රියදුරු බලපත් ලබා ගැනීම පිණිස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ලිඛිත විභාගයට පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත තැනැත්තන් 76 දෙනකු අතුරින් විභාගය සමත් වූ 44 දෙනකු සඳහා පුහුණුවීමේ තාවකාලික බලපත් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර මාස තුනක පුහුණුවකින් පසු ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව සමත්වන්නන්ට ස්ථිර බලපත් ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්
දෘශ්‍ය ආභාදිත අයටත් දෙන්න අදහසක් තියනවද?
බිහිරි අය සඳහා වෙළඳපොලේ සවුන්ඩ් ඉන්ඩිකේටර් cct ඇත, කවුරුහරි හෝන් එකක් ගැහුවොත්, ඩෑෂ්බෝර්ඩ් එකේ බ්ලින්ක් ලයිට් ඔප්ෂන් එකක් තියෙනවා, ඒකට ශබ්ද ප්‍රබලතාවය අඳුනාගන්න පුළුවන්, උදා: දිගු දුරක් සඳහා එක් ආලෝකයක් , ළඟ ශබ්ද සඳහා ෆුල් ලයිට් , පසුපස වීදුරුවේ සහ ඩෑෂ් බෝර්ඩ් හි දුම්රිය නළා සහ බර වාහන නළා