(සිතුම් චතුරංග)
වවුනියාව, පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි රැදවියන් පස් දෙනකු කඳවුරෙන් පැනගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටියදී එම රැදවියන් පලාගොස් ඇති බවද සඳහන් කළේය.
කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැගෙනවිත් ඇති මෙම රැඳවියන් පිරිස මාසයකට ආසන්න කාලයක් කඳවුරේ රඳවා සිට ඇතැයිද පොලිසිය පැවසීය.
මෙම පිරිස කඳවුරේ තාප්පයෙන් පැනගොස් ඇති අතර පැනගිය රැදවියන් සොයා යුද හමුදාව හා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවත් කීහ.
COMMENTS