(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වර්තමානයේ දී ලංකාවේ රුපියල් 500 කට අලෙවි වෙන ගංජා මිටිය එංගලන්තයේ රුපියල් පන්දහසක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා එංගලන්තයේ රැකියාව කළ 2002 වකවානුවේ ගංජා මිටිය ලංකාවෙි රුපියල් එකසිය පනහකට ලංකාවේ අලෙවි වෙද්දී එංගලන්තයේ රුපියල් දෙදාස් පන්සියයක පමණ වටිනාකමකට අලෙවි වූ බව ද ගුණතිලක රාජපක්ෂ මහතා සඳහන් කළේය.
COMMENTS
එහෙම නම් ඉතින් තේ වතු, රබර්වතු... ගංජා වතු කරලා... රට පටවමු ගංජා... ගංජා නම් සල්ලි තමයි.. නේද මන්ත්‍රීතුමෝ?
ගංජා භාවිතය නිසා උග්‍ර මානසික රෝග හැදෙනවා. ඒක අපේ රටේද, පිට රටකද අදාළ නෑ. තමන් තමන්ගේ දරුවට ගංජා දෙනවද?
මේ රටේ සමහර දේශපාලනඥයින් හට ගංජාවලට පිටින් මුකුත්ම හිතෙන්නේ නැහැ. හිතන්නත් බැහැ. ගංජා වලට හොඳ මිලක් පිටරට ඇති. ඒත්, ගැටළුව ඒක නෙමෙයි. මේ රටේ කුඩු හසුවන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින්. එහෙව් එකේ ගංජා වලට අවසර දී වගා කළොත්, කුඩ්ඩන් පාතාලයින් හොඳ නැටුම් නටාවි. මේ වනවිටත් මේ රටේ කුඩු උවදුර හරිහැටි පාලනය කිරීමට නොහැකිව තිබියදී ගංජා ගැන කුමන කතාද? මේ රටේ පොල් ලෙල්ල, කට්ට, අඟුරු, කොප්පරා ඇතුළු පොල් නිෂ්පාදන, තේ හා සුළු අපනයන බෝගවලින් කෙරෙන අපනයනය හරිහැටි වැඩදායක අන්දමින් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ සිටින ඔළුගෙඩි වලට හරිහැටි දැනීමක් හැකියාවක් නැහැ. මේ රටේ එක කොස් ගෙඩියක් එංගලන්තයේ විශාල මුදලක් වෙනවා. ඒත්, ඒ ගැන නිසි පරිදි දැනුමක්, හැකියාවක් රට පාලනය කරන අයට හෝ අනිත් දේශපාලකයන්ට නැහැ. රට ගොඩගන්න පුළුවන් බොහෝ දේ හා මාර්ග තියෙනවා. ඒත්, කරුමය කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඒවා ගැන මේ ලෝකේ දැනුමක් හා හැකියාවක් නැති එකයි. දැන් හැමදේටම එකම විසඳුම ලෙස ඉදිරිපත් කරන්නේ ගංජා තමයි. හොඳට තිබූ රටකට ගිය කලක්. රටම හොරා කෑ දූෂිතයින් අල්ලා ගැනීමට කටයුතු කරන්න කිසිවෙකුට කිසිම උවමනාවක් නැහැ. කම්බා හොර නඩය සුවසේ නිදැල්ලේ...!
එංගලන්තෙ බිස්නස් කරගෙන ඉන්නෙ නැතුව ඇයි ලංකාවට අවෙ.
මෙතුමාට කතාකරන්ඩ ගන්ජා මිසක් රටේ වෙන වැදගත් ප්‍රශ්න මොකුත්ම නැතුව ඇති.
ගන්ජ ගහන උන් තමා ගනන් දන්නෙ
ඉඳකින් විතරක් කියලා කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?
නන්දසේනත් එකතු වුණොත් තමයි හොඳ... රට වනසපු සෙට් එකට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ..
මත් ද්‍රව්‍ය පරිභෝජනය කළ මන්ත්‍රීවරු විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිති!!