(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහා මාර්ග සහ අනෙක් දේවල් සඳහා ප්‍රමුඛතාව දෙනවාද? බඩගින්නේ ඉන්න දරුවන්ට කන්න දෙනවාද? කියා ආණ්ඩුව වහා තීරණය කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජීවත් වීමට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගන්න අපොහොසත් ජනතාව දිනෙන් දින වැඩිවන බව දේශීය මෙන්ම විදේශ සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ යැයි කී අලවතුවල මහතා වැඩිහිටියන් මෙන්ම දරුවන් පෝෂණය නැතිව කලන්තෙ දමා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන බවද කීය.
මේ භයානක තත්ත්වය නිර්මාණය කිරීම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පසුගිය දිනවල මුදල් අමාත්‍යංශය අමාත්‍යංශය බාරව කටයුතු කළ සියලු දෙනා වගකීම බාරගත යුතු බවද ලක්ෂ විසි දෙකක් ජනතාවට ඇති කළ තත්ත්වය නිසා සෑම සමාජ තලයක ම ජනතාව අඩු වැඩි වශයෙන් බැට කමින් සිටින බවද අලවතුවල මහතා සඳහන් කළේය.
COMMENTS
පාරවල් හදමු... එතකොටනේ කොමිස් ලැබෙන්නේ...!
ජනතාව කොයිතරම් විලාප නැගුවත්... ඔය නඩේගේ ඇස් ඇරෙන්නේ නැහැ. මිනිසුන් මරාගෙන හරි තමන්ගේ බොක්ක පිරෙව්වොත් ඇති කියලා තමයි හිතන්නේ... මොවුන්ගේ නහර මැරිලා ඇති. මේ විදියට ඉන්නේ. ඔය අහුවෙන කුඩු. මේ කට්ටියට බොන්න අවසර දුන්නා නම්. ඕනෑ වැඩක් වෙලාවට කරගන්න පුළුවන්. මැරුණු නහර යලි නැගිටිනකොට යකා වගේ වැඩ කරයි.