
(නිමන්ති රණසිංහ)
මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගෙ මුදල් පසුම්බිය සොරාගත්තැයි කියමින් එහි දරුවන් නව දෙදෙනෙකුට පහර දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16) නියෝග කළේය .
මෙලෙස ඇප මත මුදා හැරුණේ මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ගම්මන්පිල ඉමියාගේ දොන් වීනීතා රාජි, මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ පතිර ගමගේ සමරසිරි රාජපක්ෂ සහ එම පොලිසියේ පොලිස් සැරයන් තන්ත්‍රී ආරච්චිගේ දොන් ජයන්ත යන අයවලුන්ය .
සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි ලබන ජනවාරි මස 18 වැනිදා තෙක් කල් තැබිණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන්නු
ස්ටාලින් ගුරුවරුන්ගේ හැටි ඔහොම වෙන්න පුළුවන්...!
ඇත්තටම මෙ අය මිනිස් බවක් ලබාගෙන තියෙන්නෙ කොහොමද?
මම දකින්නේ මේ ගැටළුවේ ගම පැත්තෙන් වෙනත් දෙයක් තිබෙනවා . ඒ ගැනත් අවධානයෙන් හිටියොත් හොඳයි . තවත් දුරදිග යන්න පුළුවන් .