
(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට නොමිලයේ ලබා දිමට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 780ක් එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දුන්නේය.
යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට මෙම පොහොර නොමිලේ බෙදා දීමට නියමිතය.
මෙම වැඩ පිළිවෙළ යටතේ ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා යුරියා පොහොර ලබා දෙන බවද එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් ලබා දීමට නියමිතයැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒඅනුව එක් ගොවි පවුලකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd