ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජික රටවල් පෝලන්තයට එල්ල වූ රුසියාවේ නිෂ්පාදිත මිසයිලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව එම මිසයිලය රුසියාව එල්ල කළ එකක් නොවීමට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.
ඉන්දුනීසියාවේ බාලි නුවර සිටින ජී20 රාජ්‍ය නායකයන් පෝලන්තයට එල්ල වූ මිසයිලය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව ජෝ බයිඩන් මේ බව පවසා තිබේ.
යුක්රේන සහ පෝලන්ත බලධාරීහු එල්ල වූ මිසයිලය රුසියාවේ නිෂ්පාදිත එකක් බව ප්‍රකාශ කළේය.
රුසියාවෙන් මිසයිලය එල්ල කළ බව පැවසීමට ඉක්මන් වැඩිදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ මිසයිලයේ ගමන් මග වෙනත් දෙයක් පවසන බවත් විමර්ශනය අවසන් වනතුරු මිසයිලය රුසියාවෙන් එල්ල කළ එකක්ද නැද්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවත් ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.
ජෝ බයිඩන් ගේ මෙම ප්‍රකාශ තවත් ප්‍රශ්න ගණනාවක් මතු කර ඇති බවත් ධවල මන්දිරයෙන් පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වගේ රටක් .කැටපෝලයකින් හරි විද්දානම් බලාගන්න තිබුනා රුසියාවට බයේද මන්දා මෙහෙම ශේප් වෙන්නේ.මිනිස්සු මරන්න මිසයිල හදන්නේ නැතිව මිනිස්සු ජීවත් කරන්න දේවල් හැදුවානම් ඔය එක ප්‍රශ්නයක්වත් නෑ