
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දි මහත් හරසරින් පිළිත්තේය.
ඕස්ට්‍රේලියාවෛ් පැවැති 20 විස්ස ලෝක කුසලාන තරග විනිශ්චයෙන් පසු අද පෙරවේ දිවයිනට පැමිණියේය
1996 වසරේ පැවති ලෝක කුසලාන අවසාන මහා තරගයට ක්‍රීඩකයකු ලෙස සහභාගී වෙමින් සහ ඉන්පසුව වසර 06 ක් නොකඩවා ලෝක කුසලාන අවසාන මහා තරගවල විනිශ්චයකාරවරයකු ලෙස සේවය කළ කුමාර ධර්මසේන මහතා ශ්‍රී ලංකාවට අත් කර දී ඇති කීර්තිය , ගෞරවය ඇගැයීමට ලක් කිරීම සදහා පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණි.
2009 වසරේ ක්‍රිකට් තරග විනිශ්චය සදහා එක් වූ කුමාර ධර්මසේන මහතා 2012 සහ 2018 යන වසර වල ලෝකයේ හොදම ක්‍රිකට් තරග විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ . ඔහු මේ වනවිට ටෙස්ට් තරග 75 ක් , එක් දින සීමිත ඕවර තරග 118 ක් සහ විස්සයි විස්ස තරග 42 ක් සදහා ප්‍රධාන විනිසුරුවරයා ලෙස සහභාගී වී තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට ඉවරයක් නැහැනේ... කාගෙද මේ වැඩ...? ඇයි ඔය විදිහට විකාර වැඩ කරන්නේ? කියලා තමයි මට නම් අහන්න තියෙන්නේ.
මෝඩ මිනිස්සු, මොකටද ඔහොම පිළිගන්නේ...?
ගොන්පාට්... මීට වැඩිය හොඳ නැද්ද ක්‍රිකට් බෝඩ් එකට ගෙනැල්ලා ට්‍රීට් එකක් දුන්නා නම්... කෝ රන්ජන්? එයා මේ ගොන් පාට් වලට කවදත් නැ.
අනිත් රටවලින් ආපු උන්නට තමන්ම ටැක්සියක් හොයාගෙන ගුවන් තොටුපොලින් ගෙදර යන්න උනා. අපේ එකාව බෙර ගහලා පිළිගත්තා. දැක්කනේ වැඩ? ඇයි මේ? හේතුව තමයි අපිට දෙදාස් පන්සීයක සංස්කෘතියක් තියෙනවා. අනිත් උන්ට එහෙම නැහැ, උන් නිකම්ම නිකම් තුප්පහි. ඒකයි වෙනස. සසර වසන තුරු.... නිවන් දකින තුරු....
දැන් උඹලා කියන්නේ ධනුෂ්ක එනකොට බෙරගහලා පිළිගැනීමේ උත්සවයක් තියන්න කියලාද? එහෙම නෙමෙයි රටට කීර්තියක් ගෙනත් දීපු කෙනෙක් මෙහෙම පිළිගත්තාට වරදක් නොපෙනේ. එහෙනම් ඔය වැඩකට නැති... පාලකයින් වෙනුවෙන් නටන ජව්සන් වැඩක් තියේද?
ඔන්න මහත්වරු, මෙයාලාට මහතා කියලා ගෞරව නාම දුන්නාට වරදක් නැහැ. ඇත්තටම ලංකාවට කීර්තියක් ගෙනදෙන මහත්වරු...