(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය කියයි.

එම සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු " කොව්වා" යනුවෙන් හඳුන්වන පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.

සැකකරුවන් පහර දීමට යොදා ගත් කඩු හතරක් , ත්‍රීරෝද රථ දෙකක් සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් තියුණු ආයුධ වලින් පහර දීමෙන් කොව්වා නමැත්තා ගේ පාද දෙකට බරපතළ තුවාල සිදුවී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.