(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට බාර දී තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2022 වසරේ ජුනි තිස් වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම දෙන බවද ජනපතිට වත්කම් බැරකම් බාර දෙන්නැයි එරාන් වික්‍රමරත්න කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.

එහිදී අදහස් දක්වමින් එරාන් වික්‍රමරත්න මහතා පැවසූයේ තමා පැවසූයේ වත්මන් ජනපතිට සහ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන ලෙස බවත් එහෙම කළොත් සෙසු ඉහළම අයටත් වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට බලපෑමක් එල්ල වන බවත්ය.