
(රංජන් කටුගම්පොළ)
ව්‍යාජ සාක්කි නිර්මාණය කර වැඩතහනමකට ලක්ව සිටි පොලිස් පරික්ෂක සුදත් මෙන්ඩිස් මහතා යළි සේවයේ පිහිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී එම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොන්දේසි රහිතව සිය කනගාටුව ප්‍රකාශකර සිටන බව පොලිස්පති වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
අධිකරණ නියෝගයට අනුව පොලිස් පරික්ෂකවරයාට හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවන බව ද පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.පොලිස්පතිවරයා මෙම සැලකිරීම සිදු කළේ පොලිස් පරික්සක සුදත් මෙන්ඩිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුවය.
එස්.සුරේ රාජා, ප්‍රියන්ත ජයවර්ධන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි. ශ්‍රේෂ්ඨාධරණ නියෝගයකට අනුව පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd