
(අංජුල මහික වීරරත්න)
අලුත්ගම කන්දේ විහාරය බාරයේ සිටි තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණ මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය.
මුතුරාජා හස්තියා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට තායිලන්තයෙන් ලබා දුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත බාර කෙරිණි.
නමුත් එම හස්තියා බාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ අමනෝඥ හැසිරීම නිසා හස්තියා දැඩි හිරිහැරවලට මුහුණ දුන් බව අනාවරණය වීමෙන් පසු මෙරට තායිලන්ත තානාපතිවරයා මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානය බාරයට පත් කළේය.
එම හස්තියා නැවත තායිලන්තයට රැඟෙන යාමට මෙරට තායිලන්ත තානාපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වු නිසා කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දැනුම් දුන්නේ හස්තියා රැකබලා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කරන බැවින් අදාල ගැටළුව සම්බන්ධයෙන් තායිලන්ත තානාපතිතුමා සමග සාකච්ඡා කරන ලෙසයි.
මෙි වනවිට එම හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ ඉතාමත් යහපත් තත්ත්වයෙන් පසුවන බවත් හස්තියා බැලීමට පැමිණි ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා මුතුරාජා රැක බලා ගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වූ බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අලි ඇතුන්ට හිරි හැර කරන රටක් විදිහට මුළු ලෝකෙම ප්‍රසිද්දයි , එහෙම තියෙද්දිත් මොකද මේ වෙන රටවලින් අලිපැටවූ තෑගි විදිහට මෙහෙට එවන්නේ ?
මේ රටේ හැම විනාශයකටම වග කියන්ඩ ඕනි අර කාලකණ්නි මහ මයිනයි උගේ සනුහරේ පුතාල, කාලකණ්නි අයියල, මලයල ඇතුලු ඥාතියි.