(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කැලෑ ඉඩම් හෙක්ටෙයාර් 25,000 පසුගිය කාලයේදී හෙළිකර ඇති බවත්  මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අවශේෂ කැලෑ දිසාපතිවරුන් යටතට පත් කිරීම  හේතුවෙන්  ගොවින්  නොවන විශාල පිරිසක් ඒ කැලෑ ඉඩම් අත්පත් කරගත් බවත්  කුරුණෑගල දිස්ත්‍රික්  මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

පවතින ආර්ථික තත්වය හේතුවෙන්  මේ රටේ කිසිවකුත්  නොහිතන  කණ්ඩායමක් කබලෙන් ළිපට වැටී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර  කියැවීමේ විවාදයේදීය.