කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුනි 9 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (26) නියෝග කළාය. 26 May 2023
සරුංගල් ආරවුලෙන් සිසුවාට අත අහිමිවෙයි ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටලයක සහ ඇපල් වත්තක විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් ලබා ගත් කාන්තාවන් දෙදෙනකු අද (26) පස්වරුවේ දී දෙමෝදර දී අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොළඹ විශේෂ විමර්ශන අංශය පවසයි . 26 May 2023
මහ රැජින ඝාතන තැතක් හෙළිවෙයි අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජින, 1983 දී ඇමෙරිකා සංචාරයකට ගොස් සිටිද්දී, ඇය ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මක වූ බවට තොරතුරු එෆ්.බී.අයි සංවිධානය මුදා හරින ලද ලිපිගොනු වලින් තොරතුරු අනාවරණය වී තිබේ. 26 May 2023
අපොස ප්‍රවේශ පත්‍ර ඇපයට තියා ගන්න බෑ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්රවේෂ පත්‍ර ලබා නොදීමට හෝ ප්‍රමාද කිරීමට හෝ විදුහල්පතිවරුන්ට හැකියාවක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. 26 May 2023
ඉන්ධන කෝටාව වැඩි කරයි ඉන්ධන මිල ලබන මස සංශෝධනය කිරීමට සමගාමීව දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය. 26 May 2023
තායි පරිත්‍යාගය යළි රැගෙන යයි මීට දශක දෙකකට පෙර තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට පැමිණීමට ජූලි 1 වැනිදා ශ්‍රී ලංකාවෙන් ගමන් ආරම්භ කරනු ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. 26 May 2023
ඊශ්‍රායලයේ රැකියා සඳහා 58 වන කණ්ඩායමත් යයි ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 58 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. 26 May 2023
වැරදි පාරෙන් කොරියා යවන්න හැදූ කොරියානුවා මාට්ටු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයන් පිටත්කර හැරීමේ චෝදනාවට කොරියානු ජාතිකයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ෂණ අංශ අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව එම කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 May 2023
රුපියල තව ශක්තිමත් වේ ශ්‍රී ලංකා මහ බැංකුව අද(26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහල ගොස් ඇත. 26 May 2023
කිරිඇල්ල කතානායකට පැමිණිල්ලක් කරන්න යයි මැතිසබයේ සමහර කමිටු නීතියට පිටින් ගොස් ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 May 2023
ජනපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට? වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 May 2023
මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්රභා කරන්නැයි ඉල්ලයි පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය සම්බන්ධ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීය. 26 May 2023
පෑලියගොඩ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 26 May 2023
ජනපති ජපන් මුදල් ඇමැති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්විණි. 26 May 2023
පිය - පුතු ඇඟළුම් බසයට යටවේ පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් බණ්ඩාරගම නගරයේ දී ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටීමෙන් පිය පුතු දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි. 26 May 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 26 May 2023
පළාත් කීපයකට අදත් චුට්ට චුට්ට වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 May 2023
පොල්ගෙඩි 20ක් හොරා ගත්තාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක් දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස තුන බැගින් චෝදනා දෙකට බරපතල වැඩ ඇතුව එක් වසරක සිරදඬුවමක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය නියම කළාය . 26 May 2023
කසිප්පු ජාවාරමා පී.සීට කැත්තකින් කොටලා කසිප්පු ජාවාරම්කරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයකුට කසිප්පු ජාවාරම්කරු කියන තැනැත්තා කැත්තකින් කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. 26 May 2023
අම්බලන්ගොඩදී වෙඩික්කරුට ඉලක්කය වරදි වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 26 May 2023
ත්‍රිරෝද රියේ මළ සිරුරක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී පුද්ගල මළ සිරුරක් මීට ස්වල්ප පෙර සොයා ගෙන තිබේ. 25 May 2023
ඉසුරු සොයා ගිය මව ගෙනත් දෙන්නැයි දරුවෝ ඉල්ලති සෞදි අරාබියේ රැකියාවකට ගොස් දැනට අතරමංව සිටින සිය බිරිය ගෙන්වා දෙන්නැයි සෙල්ලකතරගම කොහෙඹ දිගාන පදිංචිව සිටින පි.චමිල්සිරි නන්ද නමැති සිව්දරු පියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 25 May 2023
ගම්පහ ඩෙංගු මැඩලන්න තාක්ෂණය එයි අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්ධන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම අද (25) ගම්පහ නගරයේදී ආරම්භ කළේය. 25 May 2023
කාරය ඉස්සූ මූල්‍ය සමාගමේ සියල්ලෝම අධිකරණයට මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්, එහි තිබූ සියලු දේපලත් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මීරිගම පොලීසියට නියෝග කළේය. 25 May 2023
විහාරාධිපති හිමිගේ බැංකු පොත් බලන්න ඇවිත් ගුටි කයි රදාවඩුන්න ඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්‍රම විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිනුම් පරික්ෂා කිරිමට පොලිසියේ බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා භාරදුන් බව නිට්ටඹුව පොලිසිය කියයි. 25 May 2023
ලිට්රෝ ගෑස් හිස් සිලින්ඩර ඡාවාරමක් අසුවේ ලිට්රෝ හිස් ගෑස් සිලින්ඩර හිඟයක් තිබෙන බවට අන්තර් ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර හිස් ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කරන ජාවාරමක් පාරිභෝගික සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික් ඒකකය විසින් අල්ලා ගෙන ඇත. 25 May 2023
එකම සහෝදරියගේ විවාහය දා සහෝදරයා අවසන් ගමනේ සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යයේ සුබපැතුම්පත් හා මංගල ඡායාරූපය මනාලයාගේ පියා සමඟ යතුරුපැදියෙන් රැගෙන එමින් සිටියදී සිදුවූ අනතුරකින් සහෝදරයා මියගොස් මනාලයාගේ පියා බරපතල තුවාල ලබා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි 25 May 2023
පාන් ලොරියේ යකඩ දොර ගැලවී ඇඟට වැටී සිසුවා මරුට බාල සොහොයුරා සමග සයිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකු ගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා අද (25) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. 25 May 2023
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙක් පැනගිහින් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ 9 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 25 May 2023
විදෙස් ව්‍යපෘති හිතුමතේ නවත්තන්න නව නීති ජපාන රජයේ සහය මත මෙරට ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය. 25 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026