( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයෙ නිවසක සිටි  දරුවන් තිදෙනෙකුට , මවට සහ   මාර්ගයෙ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකුට බඹරු ඇනීමෙන් බරපතල ලෙස අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.

මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිර්මලපුර පදිංචි මවක් හා අවුරුද්දක් වයසැති දරුවෙකු හා එම දරුවාගෙ සොහොයුරන් වන අවුරුදු 6 හා 10 ක වයස් සිමා වල පසුවු දරුවන්ට සහ මාර්ගයෙ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකුටය.

කිසියම් හේතුවක් නිසා ගසක තිබු බඹර කුඩුවක් එකවර ඇවිස්සී ඇති බවත් එසේ ඇවිස්සි ආ බඹරුන් විශාල රෑනක් නිවසක් තුළ සිටි මෙම මවට හා දරුවන් තිදෙනාට දරුණු ලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බව කියයි.

බඹරුන් නිවස තුළට කඩා වැදි සිදුකල දෂ්ඨ කිරීමත් සමග එයින් බේරිමට මව හා දරුවන් දැඩි වෙහෙසක් ගෙන තිබුනද එය පලක් වී නොමැති බව කියයි.