(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවල පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක්ද රැඳී සිටින බව වාර්තා වේ.
ඔවුනට එම නිල නිවාස සංකීර්ණයේ නිවාස පාවිච්චි කිරීමට කිසිසේත්ම නිත්‍යානුකූල අයිතියක් නැති බව පැවසේ. පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ නමට නිල නිවාස ලබාගෙන ඔවුන්ගේ හිතවත් මෙම හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.
මේ තත්වය සැලකිල්ලට ගෙන වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වල පවුල්වල සාමාජිකයන්ට පමණක් මාදිවෙල මන්ත්‍රී නිවාස පාවිච්චි කළ හැකි බවට පාර්ලිමේන්තු ප්‍රධානීන් සියලුම මන්ත්‍රීවරුන්ට පසුගියදා යළි සිහි කැඳවීමක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 110 කට ආසන්න සංඛ්‍යාවකට සහ ආරක්ෂාව බාර නිලධාරීන් නව දෙනකු වෙනුවෙන් මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ නිවාස වෙන් කරනු ලැබ ඇත.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පවතින තදබදය හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනකුට පමණ ඒ නිල නිවාස ලබාදීමට නොහැකි තත්වයක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මෙසේ නිල නිවාස ඉල්ලා ඇති මන්ත්‍රීවරු පස් දෙනා පිට පළාත්වල පදිංචිකරුවෝ වෙති.
මේ අතර පිටපළාත්වල පදිංචි මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් පාර්ලිමේන්තු සතියේදී සහ වෙනත් බොහෝ දිනවලදී කොළඹ රැඳී සිටින තත්වයක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ එහෙම නම් පොඩ්ඩෝ මොනවා නොකරයිද? වෙන රටවල නම් පාලකයෝ ආදර්ශමත්... ඒකට අපේ රට…!
පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් සඳහා රජයේ නිලධාරින් වෙනුවෙන් අයකරන ආකාරයට නිවාස කුලී අයකරන්නේ නැතෙයි. කොළඹ හා අවට පදිංචි ඇමැතිලාට නිලනිවාස දෙන්නේ මක්කටෙයි, ඇයි මිනිසුනේ නාස්තිය ටික ටිකවත් අඩුකරන්න කටයුතු කරන්න ඔබලාට හිතන්නේ නැද්ද? ඇත්තටම පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට හැර වෙනත් කිසිවකු සඳහා මෙහෙම ජනතා මුදල් නාස්ති වෙනවා නම් ඒවාට වගකිවයුතු සියලු දෙනාටම දඬුවම් දියයුතුයි.
මෙන්න තවත් උදාහරණයක්... මහජන පොදු පිළිගැනීම වන දේශපාලකයින් යනු හොරුථ වංචාකාරයෝ, දූෂිතයෝ... කොටින්ම කිව්වොත් සමාජ විරෝධීන් කියන එකට... මඩු වලිගයෙන් තමයි තලන්න ඕනේ....
පවු, යනඑන මං නැති අය. එන මැතිවරණයෙන් පස්සේ තවත් වැඩිවෙයි... මගෙ හිතේ...