
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලක්මි කුඩලිගම)
ජපන් රටේ රැකියා ලබාදෙන බව කියමින් පුද්ගලයන් රැසක් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන අගලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.
අගලවත්ත පොලිස් ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන්වරයකුගේ බිරිඳක් ද ජපානයේ රැකියාවකට යවන බව පවසා මුදල් ලබාගෙන වංචාකර ඇති තැනැත්තෙක් යැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd