පාර ඉඩ නොදුන්නැයි පොලිස් සැරයන්ට ගහලා පොලිස් සැරයන් වරයකු සහ ඔහුගේ පවුලේ පිරිස ගමන් ගත් මෝටර් රථය ආණමඩුව තට්ටෑව වැව ආසන්නයෙදී මහ හරස් කරමින් පහර දී ඇතැයි පොලිසිය කියයි . 11 December 2022
උතුරු නැගෙනහිර මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට උතුරු නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. 11 December 2022
ප්‍රදේශ රැසකට අදත් වැසි දිවයිනේ ප්‍රදේශ රැසකට අද (11) දිනයේදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 December 2022
සෙක්ස් සර්ච්වලින් ලංකාව ලොව පළමු තැනට ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි. 11 December 2022
ගිනි අවි දෙකක් සමග තුනක් මාට්ටු ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකරුගේ සමීපතමයන් තිදෙනකු සමග පිස්තෝල දෙකක් , ජීව උණ්ඩ දහයක්,හා මැගසින් දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 11 December 2022
බුත්පිටිය පාසල් කැන්ටිමට මත් කරල් දාන්න සිංහල වෙදෙකුත් හවුල් මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහ විදුහල් ආපන ශාලාවට මත් කරල් වර්ගයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වූ කරුණු මත මත් කරල් 5500 ක ප්‍රමාණයක්ද සමග 68 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 10 December 2022
දිස්ත්‍රික් අතර හරක් මස්,එළු මස් ප්‍රවාහනය අත්හිටුවයි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. 10 December 2022
හමුදාවේ හිටපු ලොක්කෙක්ට ඇමරිකාවෙන් සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත. 10 December 2022
රට විරුවෝ වැඩ පෙන්වති විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4 ක් නොවැම්බර් මස ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 10 December 2022
ළිඳක සිරවූ ඉන්දීය දරුවා මරුට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි බෙටුල් දිස්ත්‍රික්කයේ අඩි 400 ගැඹුරු ළිඳකට වැටී අඩි 55 ක සීමාවේ සිරවී සිටි තන්මේ සාහු නම් 8 හැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය තහවුරු කළේය. 10 December 2022
පසුගිය මාස 10දී කෝටි දහනව දහසක කනකර උකස් කරලා දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වටිනා කනකර ආභරණ (රත්රන් බඩු) ප්‍රමාණයක් විවිධ ආයතනවලට උසස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය. 10 December 2022
ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයෙන් සතුටුදායක පිළිතුරක් ශ්‍රී ලංකාව සහ සැමීබියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම සඳහා තමා විසින් නැවත නැවත කරන ලද ඉල්ලීමට චීන පාර්ශ්වයෙන් සතුටුදායක පිළිතුරක් ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත. 10 December 2022
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අවසාන තීරණය ළඟදීම ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය (Ground handling) යන අංශයන්හි පරිපාලනය කිසියම් හෝ ආයෝජකයකුට එකට දෙනවාද නැතහොත් වෙන වෙනම දෙනවාද යන්න ගැන ළඟදීම අවසන් තීරණයක් ගන්නා බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 10 December 2022
බදු ක්‍රමය හදන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 10 December 2022
පුරාවස්තු 777ක් පසුගිය වසර තුනේදී උස්සලා ඉතා වටිනා පුරාවස්තු 777 ක් පසුගිය වසර තුනේදී (2021 - 2019) සොරකම් කර හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 10 December 2022
විදුලි බිල වැඩි කළත් විදුලිය නොකපා ඉන්න බෑ විදුලි බිල වැඩි කළත් ලබන වසරේ විදුලිය කපී සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 10 December 2022
විදුහල්පතිගෙන් කාලා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාලා දෙබරවැව ජනාධිපති කණිෂ්ඨ විද්‍යාලයේ 9 වසරේ සිසුවකුගේ පිටට පාසලේ විදුහල්පතිවරයා වේවැලෙන් පහරදී ඇති බව පවසමින් එම සිසුවා දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ඇත. 10 December 2022
ලෝක බැංකු ප්‍රධානීහු චීන බැංකු සභාපතිවරු සමග සාකච්ඡා චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. 10 December 2022
ඩුබායි චමියාගේ ගෝලයො හතරක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ඩුබායි රටේ සැඟව සිටින චමියා ගේ ගෝලයන් බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 10 December 2022
රිමාන්ඩ් සිරගෙදර සිට රාජකාරි යන අධිකරණ සේවකයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකිර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හොරොයින් කිලෝවක් සොරකම් කළැයි අත්අඩංගුවට රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ගබඩාවේ භාරකරු රිමාන්ඩ් භාරයේ සිටියදිත් දිනපතා නඩුභාණ්ඩ ගබඩාව වෙත පැමිණෙන බව නීතීඥවරු පිරිසක් පවසති. 10 December 2022
සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත. 10 December 2022
‘මැන්ඩවුස්’ බලපෑම ක්‍රමයෙන් පහළට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. 10 December 2022
අයි.පි. කට මිරිකා කොස්තාපල්ට ගහලා කොළඹ දකුණ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක වැඩබලන පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පහර දුන් බව කියමින් පොලිස් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 09 December 2022
ඉන්දීය ‘ඊ වීසා’ නිකුත් කිරීම නැවත අරඹයි ශ්‍රී ලාංකිකයන්ට විනෝද සංචාර, විවේකය, ව්‍යාපාර සහ සම්මන්ත්රණ ආදිය සඳහා සභාගිවීම සඳහා ඉන්දියාවට යෑමට සහ රැදී සිටීමට විද්‍යුත් වීසා (ඊවීසා) නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. 09 December 2022
ණය සැහැල්ලු කරන්න චීනය තව ක්‍රියාමාර්ග ගත යුතුයි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල ණය බර සැහැල්ලු කිරීම සඳහා චීනය තවත් ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව ලෝක බැංකුව පවසා ඇත. 09 December 2022
ගාලුමුවදොරදී අරගලකරුවන් සිහි කරති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ කළ ‘අරගලයට’ සහභාගි වී සිටියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ ජනතාව සිහිකරමින් අරගලයේ ක්‍රියාකාරිහූ අද (9) පස්වරුවේ කොළඹ ගාලුමුවදොරදී සැමරුම් උත්සවයක් පැවැත්වූහ. 09 December 2022
රෝහල් සේවකයා රෝහලේ අකුණු සන්නායකයට විදලා අලුත්ගම රජයේ රෝහලේ අලුතෙන් ඉදි කර ඇති ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුණු සන්නායකයේ පොළොවට සම්බන්ධ තඹ ලෝහ අඩි සියයක කොටස් සෞඛ්‍ය කාර්ය සාහායකයකු විසින් ගලවාගෙන ගොස් තිබේ. 09 December 2022
ඩයනා දැමූ නඩුවට සජිත්ට රංජිත්ට නොතීසි සමගි ජනබලවේගය පක්ෂයේ තනතුරු දැරීම තහනම් නොකිරීමට හේතු ඇත්නම් ලබන ජනවාරි 25 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි නියම කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අද 09) නොතීසි හා සිතාසි නිකුත් කළාය. 09 December 2022
ලංකා සතොස බඩු මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. 09 December 2022
ලංගම ‘සිටි බස්’ සේවය නතර කර නෑ ලංගම සභාපති ධූරයෙන් තමන් ඉවත්කිරීමට හේතුව ලෙස අමාත්‍යවරයා දක්වා ඇති මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ‘සිටි බස්’ සේවාව නතර කර නොමැති බවත් එම ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැයකරමින් පෞද්ගලික අංශයෙන් බස් ගැනීම පමණක් නතර කළ බවත් ලංගම සභාපති ධූරයෙන් ඉවත් කළ කිංස්ලි රණවක මහතා පැවසීය. 09 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026