
(චමින්ද වැවතැන්න,ජේ.ඒ.එල්.ජයසිංහ සහ පී ශාන්ත බණ්ඩාර)
කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගිය ඩෙන්මාක් තරුණියගේ සිරුර දින හතරකට පසු රඹුක්කන අලගල්ල ප්‍රදේශයේදී හමු වූ බව රඹුක්කන පොලිසිය කියයි.
මෙම කාන්තාව කඩුගන්ව ප්‍රදේශයෙන් කන්ද තරණය කිරීමට ගිය අතර ඇය දින හතරක පෙර සිට අතුරුදන්ව සිටියාය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඩෙන්මාර්ක් ජාතික කරේන් මන්ක් එම්බසන් නමැති තරුණියකි.
මිය ගොස් ඇති ඩෙන්මාර්ක් ජාතික කාන්තාව ඉකුත් ජුනි 24 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ ඇති අතර ඉකුත් ජුලි 01 වැනිදා අම්පිටිය පාර මහනුවර හෝටලයකට පැමිණ නවාතැන් ගෙන තිබේ.
ජුලි මස 01 සිට 09 වැනිදා දක්වා මෙම කාන්තාව මහනුවර ප්‍රදේශයේ සුවිශේෂී ස්ථාන සංචාරය කර ජුලි 10 වැනිදා පෙරවරු 8.30 ට පමණ කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට යන බව හෝටලයේ හිමිකරුට දන්වා පිටව ගොස් ඇති බව හෝටලයේ හිමිකරු කර ඇති පැමිණිල්ලේ සදහන්ව ඇති බව පොලිසිය පැවසීය.
මෙම කාන්තාව කඩුගන්නාවට පැමිණ කඩුගන්නාවේ සිට පොත්තපිටිය දක්වා ගත් ලංගම බස් රථයකින් පොත්තපිටියට ගොස් එතැන් සිට අලගල්ල කන්ද තරණය කිරීමට යන අතර තුර දමිළ ජාතිකයකු මුණ ගැසී ඔහු ගෙන් තොරතුරු විමසා ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අලගල්ල කන්ද මුදුණ නැඟ ඇති මෙම කාන්තාව ගල මුදුණේ පිහිටි සිංහගලෙන් අනෙක් පැත්තට මාරු වීමට උත්සහ කරද්දී ගලෙන් පහළට ඇද වැටී ඇති අතර මළ සිරුරු වැටී ඇත්තේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට බව පොලිසිය පැවසීය.


( ඡායාරූප පී ශාන්ත බණ්ඩාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායකයි. මොනවා කරන්නද?
කණගාටුදායක පුවතක්.... දැන් දැන් අපේ රටේ එක්ස්ප්ලෝරිං ටුවරිසම් කියන තත්වයේ ලොකු ප්‍රවණතාවක් තියනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායික සංචාරක ප්‍රදේශ වලින් බැහැරව අලුත් ප්‍රදේශ ගවේශණය කිරීම. උදා: සොරබොර වැව, ඇල්ල ප්‍රදේශය ආශ්රිත බොහෝ කඳු, බදුල්ලේ නාරංගල කන්ද (දැනට මෙහි බොහෝ දේශීය සංචාරකයන් විපතට පත්ව ඇත) මින් සමහරකි. සංචාරක අමාත්‍යාංශය මේ පිළිබඳව සැලකිලිමත් වී අදාල දැනුවත් කිරීම් කළ යුතුයි. මෝඩකමට මේ ප්‍රදේශ තහනම් කරන්න නම් එපා... අර නාරංගල කන්ද වගේ... මේවා සංචාරක වටිනාකමක් ඇති ස්ථානයි..
තනිවම කඳු තරණය කිරීම මා අනුමත කරන්නේ නෑ... මගදී හමුවූ පුද්ගලයාද සැක සහිතයි. සැඟවුණු කතාවක් සමහර විට ඉදිරියට ඒවි. ඩෙන්මාර්ක් ජාතිකයින් ඉතා මිත්‍රශීලී විනය ගරුක ජාතියක්... හොරකම්, මැරකම් මිනීමැරුම් නොමැති රටක් බවට ප්‍රසිද්ධයි. සමහර විට ඇය සිතන්නට ඇති ලංකාවත් ඩෙන්මාක් හා සමානයි කියා. ඉතා කණගාටුදායක සිද්ධියක්...!