(අප්සරා යෝසිත් විජේසූරිය)
විදේශ රැකියා සම්බන්ධයෙන් ක්‍රියාකාරී රාජ්‍ය ආයතනයක පුහුණු අභ්‍යාලාභීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක යෙදුණ බස්‍රථයක් තුළට ඇතුල්වූ පුද්ගලයෙකු එම චාරිකාවේ නිරතවූ පිරිස භාරව කටයුතු කළ නිලධාරිනියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් ඇය ඇතුළු කාන්තාවන් හයක් රෝහල්ගත කර ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.
පසුගිය 13දින දහවල් රත්නපුර නගරයේ සෙන්ලුක්ස් හන්දිය ආසන්නයේ සිදුවූ මෙම ඇසිඩ් ප්‍රහාරයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සදහන් කරයි.
මේ පිළිබඳව රත්නපුර පොලිසිය අපරාධ අංශයමගින් පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd