IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක්

(සුජිත් හේවාජුලිගේ )

වැටුප් රහිත නිවාඩු( දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ  විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන්   කිසිදු හානියක් නොවන බව  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින්  දැනුම්දී ඇත.

එසේම  ඔවුන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට පෙර දින පැවති ජ්‍යෙෂ්ඨතාවයද නැවත රාජකාරියට වාර්තා කළ පසු  කිසිදු වෙනසක් නොවන බවද  එම චක්‍රලේඛයේ දැක්වේ.

නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව ජ්‍යෙෂ්ඨතාවය සඳහා අදාළ කර නොගැනීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 වැනිදා තීරණය කළ බවද  එහි සඳහන් වේ.

රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට  එම විධිවිධාන අදාළ කරගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කෙරෙන බවද චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධාරීන් ඔවුන්ට නිවාඩු අනුමත කරන ප්‍රධානීන් සමග එළඹිය යුතු ගිවිසුම් මාලාවක්ද මෙම චක්‍රලේඛය සමග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

 

 



අදහස් (2)

රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක්

nalin Friday, 14 July 2023 12:14 PM

කාපුවා වමාරමු...

:       3       17

Deepal Nirosh Friday, 14 July 2023 03:08 PM

අළුත් අළුත් දෑ නොතනන රජ සේවය නො නගී.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 108 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site