(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සීදුව , ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක පදිංචිව සිටින අඹු සැමි යුවළක් හා ඔවුන්ගේ දියණිය රෙදි පටිවලින් බැඳ දමා රන් භාණ්ඩ හා දේපොළ පුද්ගලයෙකු විසින් කොල්ල කා ගෙන පලාගොස් ඇතැයි සීදූව පොලිසිය පවසයි.
එම නිවසේ පදිංචිව සිටින අවුරුදු 75ක් වයසැති කාන්තාවක් මේ බව සීදූව සීදුව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
පෙරේදා දහතුන් වැනිදා අලුයම් කාලයේ දී දියණිය කෑගැසීම නිසා ඇය නිදාගන්නා කාමරයට ගිය අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු ඇයගේ ගෙල සිරකරගෙන සිටින අයුරු මෙම වයෝවෘද්ධ කාන්තාව දැක ඇත.
පසුව මෙම වයෝවෘද්ධ කාන්තාවගේ වයෝවෘද්ධ සැමියා ද දියණියගේ නිදන කාමරයට පැමිණි අවස්ථාවේ එම කාමරයට රිංගා ගෙන සිටි පුද්ගලයා ඔවුන් තිදෙනාම බැඳ දමා ඇතැයි පොලිසිය කියයි.
ඉන් පසුව සැකකරු විසින් නිවසේ තිබූ රන් භාණ්ඩ සහ මුදල් මුදල්ද කොල්ලකා ගෙන පලාගොස් ඇත.
සීදුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd