(යොහාන් භාසුර)
ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රතිශතවලින් අඩුවී නැති බවත් එම ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීමට නම් මවාපෑම් නොකර දැනෙන්න මිල අඩු කළ යුතු බවත් ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පැවසීය.
සිමෙන්ති කොට්ටයක රුපියල් 500 කින් සහ 300 කින් අවස්ථා දෙකකදී අඩු කරන්නේ යැයි බලධාරීන් ප්‍රකාශ කළ ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 150 කින් පමණක් අඩු වූ බවත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2000 කින් අඩු කළ යුතු බවත් සුපුන් අබේසේකර මහතා කීය.
යකඩ මිල සියයට 50 කින් අඩු කරන බව නිලධාරීන් සහ බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ගේ ගණන් දැනුම පිළිබඳව සැකයක් මතුවන බව කී ඒ මහතා රුපියල් 140,000 කට පැවැති කම්බි ටොන් එකක් රුපියල් 580,000 ක් දක්වා ඉහළ දමා රුපියල් 380,000 අඩු කිරීමට සියයට 50 ක අඩු කිරීමක් නොවන බව ද සඳහන් කළේය.
කමිබි මිල අඩු කිරීම සියයට 34.4 ක් මෙන්ම වර්තමාන කම්බි මිල පැවැති මිලත් සමඟ සැසදීමේදී සියයට 271 ක වැඩි වීමක් ඇති බව ද සුපුන් අබේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන ගොන් කතාවක්ද? සිමෙන්ති, යකඩ මිල අඩු වැඩි වීම තිබෙන්නේ විනීමය අනුපාතය වෙනස් වීම මතයි. රුපියල ශක්තිමත් වුනේ බොහොම සුළු වශයෙන්. ඉතින් කොහොමද ඇඟට දැනෙන විදිහට මිල පහළ දමන්නේ...?