(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් 10 වෙනිදා සිට අතුරුදහන්ව සිටින බව මහනුවර සංචාරක පොලීසිය පවසයි.
පසුගිය 10 වැනිද උදේ 8:30 ට පමණ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටිකන්දක් නැගීමට යන බව පවසා හෝටලයෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ කන්දක් නැගීමට යන බව කියා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අතුරුදන්ව සිටින මෙම විදේශීය කාන්තාව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd