(ඉන්දිකා රාමනායක)
කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙසට දැනුම් දීමකට මහනුවර මාපානවතුර ප්‍රදේශයේ නිවසකට ගිය පොලිස් සැරයන්වරයකුට එම නිවසේ සිටි පියා සහ පුතුන් දෙදෙනකු විසින් පහර දී රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් (70) හැවිරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුළු දිවයිනටම සාමාදාන විණිසුරුවරකු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බවත්, ඔහුගේ පුතුන් දෙදෙනා දැනට ප්‍රදේශයෙන් පැනගොස් සැඟව සිටින බවද පොලිසිය පවසයි.
කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඉහත සැකකරු සම්බන්ධයෙන් විභාග වන නඩුවක් වෙනුවෙන් 2023.08.23 දින පෙනී සිටින ලෙසට දන්වා ඉහත මහනුවර මුලස්ථාන පොලිසියේ රාජකාරිකරන සැරයන්වරයා සැකකරුගේ නිවසට ගොස් සිද්ධිය දැනුම් දුන් අවස්ථාවේ එම සැකකරු නඩුවට විරෝධය දක්වමින් පොලිස් සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ගැතිකම්වලට සාමවිනිසුරු පට්ටම් කොල්ලන්ටයි, බල්ලන්ටයි නුසුදුසු අයට දීලා ඒ තනතුරත් බල්ලට ගිහින් ලංකාවේ.
මේවගෙ එකෙකුට කවුද දන්නෙ නැහැ සාම විනිසුරු පට්ටමට රෙකමදාරුව දුන්නෙ. දේශපාලුවෙකුගෙ හෙන්ච්චඉය්යෙක් වෙන්ට ඔනෙයි.