(අංජුල මහික වීරරත්න)
ආර්ථික ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වූ අතර, ජනාධිපතිවරයා එම ව්‍යාපාරික ප්‍රජාව සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ලෝකයට විවෘත කරන්න කළින් බලයේ ඉන්න හොරු රංචුව පන්නා දමන අයට නිසි දඬුවම් දිය යුතුමයි...
ඉතින් ලංකාව ලෝකෙට 1977 දි විවෘත කරේ තමුන්ගෙ මාම නෙව. දැන් අවුරුදු 40ක් තිස්සේ තාම හැදිල නැද්ද? නැතිනම් හැදුන මදිද? හැබැයි ඒ අවුරුදු 40 පුරාවට හොඳ හොරු ටිකක් නොවෙයි ගොඩක් හැදුණා. ඒත් මදි වෙලාද මේ තව විවෘත කරන්න කතා කරන්නෙ. දැන් තියෙන්නෙ ඉතින් ඇඳුම් උනා දාන්න විතරයි.
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා,ලෝකෙටම හිගාකන ජාතියක් බවට පත්කරලා,මහ බැන්කුවත් හොරාකාලා තියෙන්නේ ? එහෙව් එකේ තව මොන කතාද?
ඉන්දියාව වගේ ගොඩනැගිය යුතුයි...
මාමා නියාමනයක් නැතුව ලෝකෙට විවෘත කරලා තමයි ලෝකෙම තිබෙන ප්ලාස්ටික් තොරොම්බල් බඩු ලංකාවට ආවේ...!