(ප්‍රියනාත් චන්ද්‍රපාල)

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු වැඩි පිරිසකට සිංහල භාෂාව කතා කිරිමට නොහැකි වීම නිසා එහි සේවය ලබාගැනිමට එන සිංහල භාෂාව කත කරන පිරිස දැඩි අපහසු තාවයට පත්ව සිටිති.

එහි වැඩි පිරිසක් ද්‍රවිඩ භාෂාව කතාකරන නිළධාරීන් බවත් සිංහල මාධ්‍යය හසුරුවන නිළධාරීන් සිටින්නේ ඉතා අතලොස්සක් බව පැවැසෙයි.

මෙහි වැඩි දෙනකුට සිංහල  සිංහල භාෂාව නොතේරෙන බවත් පැවසේ.

මේ හේතුව නිසා ජනතාවට තම ගැටළු ඉදිරිපත් කිරීමේ දී දුෂ්කරතා මතුවන බවද පවසති.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් සේවා ලබන ජනතාවගෙන් සීයට අනූඅටක් (98%) සිංහල මාධ්‍ය හසුරුවන්නන් බව පැවසේ.

එවැනි ආයතනයකට විශේෂයෙන් පරිපාලන ආයතනයකට භාෂාව නොදන්නා නිළධාරීන් පත් කිරීමෙන් සීයට 98 ක් ජනතාවට සේවා සැපයිය හැකිදැයි ජනතාව ප්‍රශ්න කරයි. 

නමුත් භාෂාව දන්නේ නැත්නම් වැඩක් නැත. මෙවැනි ආයතනවලට ඔවුත් පැමිණීම එම නිළධාරීන්ගේ වරදක් නොව වරද ඇත්තේ නිළධාරින් සුදුසු ස්ථානවලට පත් නොකිරීමයි. මෙවැනි දේ සිදු කරන්නේ ජනතාවට සේවය කරන්නද නැත්නම් වෙනත් අවශ්‍යතා සපුරාගන්න දැයි ජනතාව වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියි.