
(සිරිපුර මදුශානි අබේසිංහ සහ නිමල් ජයරත්න)
දිඹුලාගල බදනාගල වෙල්යායක ගොයම වල්අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට පැල් රකිමින් සිටි ගොවියන් තිදෙනකු වල් අලියකු පහරදීමෙන් එක් ගොවියකු මියගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා පොලොන්නරුව සහ දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව සිරිපුර පොලිසිය පවසයි,
මෙම වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අනුරාධපුර තඹුත්තේගම පදිංචිව සිටි එම්. ජී. ජයරත්න යන 52 වියති දෙදරු පියකු බව පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය කියයි.
ඔහු ඇල්ලේවැව ඥාති නිවෙසකට පැමිණ තවත් දෙදෙනකු සමඟ පැල් රැකීමට ගිය අවස්ථාවේදී මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.
වන අලියා පහරදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාට වන අලියා පහරදීමෙන් පසු ඔවුන් දිව ගොස් දිවි බේරාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි,
වන අලි ප්‍රහාරය සිදු වනවිට ඔවුන් තිදෙනා එකම පැල්පතේ පැල් රකිමින් සිට ඇත, අලි ප්‍රහාරයෙන් තුවාල ලබා පොලොන්නරුව සහ දෙහිඅත්තකණ්ඩිය රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ ලබන්නේ අවුරුදු 28ක සහ 58ක බදනගල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව සිරිපුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේකේ තේරුම? රටවල් සත්තුන්ටයි අමන පාලකයින්ටයි, එන්ජීඕ කාරයින්ටයි බාරදීලා අසරණ මිනිස්සුන්ට රට ඇරලා යන්නයි වෙන්නේ…!