(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇත.

පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව මුජුබර් රහුමාන් මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

තමා මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා බව පැවසූ හෙතෙම රජය පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද පැවසීය.