
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියන් ටුඩේ පුවත් සේවයේ ප්‍රධාන කතෘ මාධ්‍යවේදිනී මාගරීටා සිමොන්යන් ඝාතනය කිරීමේ යුක්රේන බුද්ධි අංශ සැලැසුම සාර්ථකව වැළැක්වීමට සමත් වූ බවත් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කර ඇත.
මාධ්‍යවේදිනියන් වන මාගරීටා සිමොන්යන් සහ සීනියා සොබ්චෙක් ඝාතනය කිරීම සඳහා යුක්රේන බුද්ධි අංශ සැලසුමක් සාදා තිබූ බවත් එය සාර්ථකව වැළැක්වීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයට හැකි වූ බවත් එම ආරක්ෂක සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා මොස්කව් හි මාධ්‍යවේදිනියන් පිළිබඳ ඔත්තු බැලූ යුක්රේන ජාතිකවාදීන් කිහිපදෙනකු ඊයේ (14) අත් අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd