කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත දිවි ගමනට සමු දෙයි හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ ජයන්ත ධනපාල මහතා අද(27) අභාවප්‍රාප්ත විය. 27 May 2023
වැලිකඩ ඕ.අයි.සී.ට මාරුවක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගත්තේ යැයි කියන සිද්ධියකට එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මිය යාම සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 27 May 2023
මංගල ගමනට සූදානම් වු මනාලියට ඇසිඩ් ප්‍රහාරයක් විවාහ උත්සවයට සුදානම් වෙමින් සිටි මනමාලියට ඇසීටි ප්‍රහාරයක් එල්ලවීමෙන් එම තරුණියක බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි . 27 May 2023
රටවල් තුනකට අලුතින් තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ළඟදීම අලුතින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය. 27 May 2023
පොලිස් රෝහලේ ලක්ෂ 20ක සොරකමක් නාහෙන්පිට පොලිස් රෝහලේ ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරියකට අයත් රුපියල් ලක්ෂ 20ක මුදල් හා රන් බඩු සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිපාරක්ෂක සේවිකාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 27 May 2023
නාඳුනන අයෙක් නීතිඥයාට තර්ජනය කරලා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයකු වන ප්‍රියලාල් සිරිසේන මහතාට නාඳුනන පුද්ගලයකු දුරකතන ඇමතුමකින් තර්ජනය කළ බවට කුරුණෑගල පොලිසිය පැමිිනිකර තිබේ. 27 May 2023
රුපියල් 50ට ආපන ශාලා හිමිකරු මරලා රුපියල් 50 ක සිද්ධියක් මුල් කරගෙන ගල්කිස්ස ආපනශාලාවක හිමිකරුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 27 May 2023
විදුලි ධාරා ධීවරයන් 16 ක් නැගෙනහිර මුහුදේදී අල්ලයි විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, වලංගු බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කරමින් සිටි පුද්ගලයින් 16 ක් සමඟ ඩිංගි යාත්‍රා 7 ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් මුලතිව් සහ පුල්මුඩේ ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදා පැවසීය. 27 May 2023
මවට කරදරයි කියා මවගේ මව මරලා 57 හැවිරිදි මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයට දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි. 27 May 2023
අද දවස ගැන කාලගුණය අනතුරු අඟවයි උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, මිනිසර සිරුරට දැගනෙ උණුසුම ‘අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 27 May 2023
බීඩී කොළ සමග වෑන් රථයක් අල්ලයි ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් රැගෙන ආ බීඩි කොළ තොගයක්, වෑන් රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 May 2023
එජාපය සීමා නිර්ණ කමිටුවට යෝජනා බාර දෙයි පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම කලාප ක්‍රමය මත පදනම්ව කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික සීමානීර්ණ කමිටුව වෙත යෝජනාවක් බාරදී ඇත. 27 May 2023
ලොකු ලොක්කන් ස්කෑන් කරන්න ගුවන් තොටට අලුත් යන්ත්‍ර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත. 27 May 2023
ජල සම්පාදනෙන් ඉල්ලීමක් ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 26 May 2023
මානව හිමිකම් ආරක්ෂාකරන පිරිසක් විරෝධයක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හානිදායක වන අයුරින් හැසිරෙන බවට චෝදනා කරමින් එම කොමසාරිස්වරුන් තිදෙනකුට එරෙහිව කොමිසමේ කාර්ය මණ්ඩලය අද (26) දහවල් එම කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය. 26 May 2023
කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26) පැවසීය. 26 May 2023
ලක්ෂ 50ක හොර චොකලට් මීගමුවෙන් අල්ලයි නීති විරෝධී අන්දමින් චොකලට් ආනයනය කොට බෙදා හැරීම සිදු කළ මීගමුව ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා චොක්ලට් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව , පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය කියයි. 26 May 2023
මන්ත්‍රී අලි සබ්රි රහිම් විදෙස් ගත වෙලා? පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සංචාරයක් සඳහා පෙරේදා 25 රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. 26 May 2023
බෝම්බ පුපුරුවන බවට කිලිනොච්චියේ ලිපි බෙදලා කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සඳහන් ලිපියක් කිලිනොච්චිය තැපැල් කන්තෝරුව පාරේ පිහිටි නිවසකින් සොයාගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලීසිය විසින් පවත්වාගෙන යයි. 26 May 2023
‘වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී’ සාප්පුවක් වරාය නගරයටත් සිංගප්පූරුවේ සුප්‍රකට ‘වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී’ සමූහය කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීමට ගිවිසුමට අත්සන් තැබූහ. 26 May 2023
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක් අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණ සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ එක් අයෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට අද (26) දින සවස ඇතුලත් කල බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි 26 May 2023
රෝසිට ලොකු තනතුරක් කොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ. 26 May 2023
මැණික් පොකුර බාල්දු කළාට කෝප් කමිටුවේ අප්‍රසාදය රත්නපුරෙන් මෑතකදී සොයා ගනු ලැබූ මැණික් පොකුර ඩොලර් කෝටියකට තක්සේරු කර පසුව ඩොලර් දහදාහකට තක්සේරු කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය. 26 May 2023
ඕස්ට්‍රේලියා හීන පෙන්වා කතුන් දෙකක් මුදල් ගරලා ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටලයක සහ ඇපල් වත්තක විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් ලබා ගත් කාන්තාවන් දෙදෙනකු අද (26) පස්වරුවේ දී දෙමෝදර දී අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොළඹ විශේෂ විමර්ශන අංශය පවසයි . 26 May 2023
සිසුවියන් කෙළෙසූ කළුතර ටියුෂන් ගුරා යළි රිමාන්ඩ් කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුනි 9 දා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (26) නියෝග කලාය. 26 May 2023
ජනපති ජපානයේ දී ව්‍යාපාරිකයන් සමඟ වටමේස සාකච්ඡාවක ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රටෙි නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 May 2023
අලි සබ්රි රහීම්ට ඉල්ලා අස් වෙන්න කියයි රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැළලක් සහ අපකීර්තියක් ඇතිවූ හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය ගන්නැයි පක්ෂ නායකයෝ රැසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස 26 May 2023
රිලවුන් රට යැවීම ගැන උපදෙස් ගන්න අධිකරණය කල් දෙයි මෙරට රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණයේ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍ය මණ්ඩල උපදෙස් ලබා ගැනීමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. 26 May 2023
පළාත් මන්ත්‍රී නාමල් ඝාතනයේ සැකකරු නිදොස් කොට නිදහස් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ නාමල් ගුණවර්ධන මහතා මීට වසර 09කට පෙර වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා සියළු චෝදනවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය. 26 May 2023
දේවගැති ජෙරොම්ගෙන් පෙත්සමක් තමන් මෙරටට පැමිණි වහාම අත් අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 26 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026