
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් (13299010) වැය වන බවට ඇස්තමේන්තු කර එම මුදල් කලින් ගෙවන ලෙස ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා ඇත.
රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 21 සිට 31 දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර ඇස්තමේන්තුවේ වීදි ආලෝකකරණය සඳහා වැයවන මුදල් කලින් දක්වා තිබීම විශේෂත්වයකි .
විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව අදාල ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන් වෙත යොමු කර තිබේ .
එම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව රුපියල් 34,12479.00 ක මුදලක් ද, නාථ දේවාලයට රුපියල් 11,22,145 ක මුදලක් ද, විෂ්ණු දේවාලය රුපියල් 13,68385 මුදලක් ද, කතරගම දේවාලයට රුපියල් 11,02705 මුදලක් ද, පත්තිනි දේවාලයට රුපියල් 11,02705 ක මුදලක්ද , පෙරහර කටයුතු ආරම්භ වීමට පෙර ගෙවන ලෙස දැනුම් දී තිබේ .
ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44,41,273 ක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී තිබේ .
ඇස්තමේන්තුගත එම මුදල් ගෙවීම් සාමාන්‍යඅධිකාරි විදුලිබල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මගින් ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් ආදායම් තියෙන ඒ මුදලින් දුප්පතුන්ට කිසිවක් නොකරන එකේ විදුලි බිලවත් ගෙවලා දාන්න.
මේකෙ කිසිම වැරැද්දක් නෑනේ. මෙච්චර කල් වුනේ සාමාන්‍ය ජනතාව ගෙවන සල්ලිවලින් මේවාට හිලව් කරපු එක. ඉතින් කෝටි ගණන් ආදායම් තියෙන මේ ස්ථානවලින් මුදල් අය කරගන්න එක වැරැද්දක් නෙවෙයි. මීට බොහොම කාලෙකට ඉඳන් කරන්න පටන් ගන්න තිබුණු වැඩක්...
දළදා මාලිගාවට නම් මේ ඉතා සුළු මුදලක් බවයි මගේ අදහස...
තවත් සති දෙකක් සමාජ මාධ්‍ය කළඹන්න. විදුලි සැරයක්...
අර දකුණු පළාතේ...
මිනිස්සු පින් කැටේට ඕනෑ තරම් සල්ලි දාන්නේ..., ඒකෙන් ඕක ගෙවලා දාන්න පුළුවන්. අනිත් එක අනේ මන්දා ඇයි මිනිස්සු දෙවියන්ට සල්ලි දීලා කන්නලව් කරන්නේ කියලා.
නිලමේවරුන් පෝසත් වන ඔය වගේ තැන්වලින් අනිවාර්යෙන් විදුලිබිල අය කරා කියලා පව් සිද්ද වෙන්නේ නෑ...
මිනිස්සු පිංකැට වලට මුදල් පූජා කරන්නේ මේ වියදම් වලටත් එක්ක...!
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් (13299010) වැය වන බවට ඇස්තමේන්තු කර එම මුදල් කලින් ගෙවන ලෙස ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා ඇත. ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට රටේ පුරවැසියන් විසින් ලබදෙන්නා වූ මුදල් (පින් කැටවලට සහ ත්‍යාග සහ වෙනත්) AUDIT කිරීමක් කළයුතුවේ. එයට හේතුව නම් රටේ පුරවැසියන් විසින් ලබාදෙන්නා වූ මුදල් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා හෝ Income TAX ගෙවීමක් පිළිබඳව හෝ ලැබෙන්නා වූ මුදල් පිළිබඳව විනිවිද භාවයකින් කටයුතු කළ යුතු නිසාවෙනි. treasury department යටතේ පාලනයට ගත හැකිවේ. එසේ කළහොත් රටේ පුරවැසියන් තුළ යම් වැරැදි වැටහීමක් ඇත්නම් ඒ සියල්ලට පිළිතුරු ලැබෙනු ඇත.
දළදා මාලිගාවේ පරිපාලනය විසන් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විදුලි බිල සඳහා දැරිය හැකි මුදල් ප්‍රමාණය කොපමණද කියා (ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට) වාර්තාවක් ඉදිරිපත් කර ඉතිරි මුදල් මහජනතාවගේ සහයෝගය, දායකත්වය ලබාගැනීමට කටයුතු කිරීමෙන් ඔවුන්ටද එම පෙරහරට දායකත්වය ලබාදී මෙවර පෙරහැර මහජනතාවගේ දායකත්වයෙන් සහ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කිරීමට කටයුතු කිරීමට හැකිවනු ඇත. රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය නම් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවන් අවශ්‍ය ආරක්ෂාව සපයනු ඇත. පොසොන් උත්සවය පැවැත් වූ ආකාරයටම පැවැත්වීමට කටයුතු කළ හැකිවේ. එසේ සිදුවුවහොත් "සංස්කෘතික උත්සවයක් වන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය" සියලු ශ්‍රී ලාංකිකයින් මේ සඳහා සහභාගිවනු ඇත. සුපුරුදු පරිදි ඕනෑම දේශපාලකයකුට වුවද සහභාගි වීමට හැකියාව පවතියි.
බෞද්ධයින් බෞද්ධ දර්ශනය නිසි පරිදි නිවැරදිව අනුගමනය කරන්නේනම් මෙවැනි ගැටලු ඇති නොවේ.
රාජ්‍ය උත්සවයක් වුවත් නැතත්, මේ රටේ යම් විනයක් ඇතිකළ යුතුයි. කවුරුන් හෝ යම් වියදමක් කරනවා නම්, ඒ පිළිබඳව වගකීමක් දැරිය යුතුයි. ඒ සඳහා හොඳම දේ තමයි, වියදම් නිසියාකාරව ඇස්තමේන්තු කිරීම... මෙවන් දේවල් පසුගිය කාලය පුරා සිදු නොවූ නිසා, ඒවායේ ඵලවිපාක රටක් ලෙස සියල්ලන්ටම ගෙවීමට වූ ආකාරය අප පසුගිය කාලය පුරා දුටුවා. තව දෙයක් නම්, මේ කිසි දෙයක් කෙරේ ආගමික මුහුණුවරෙන් බලන්න එපා.
දළදා වහන්සේට පූජාකරන දෙයින් ඕක ගෙවා දැමීම ප්‍රශ්නයක් නෙමෙයි.ඒත්,මේ ලයිට් බිල ගන්න මෙච්චර හදිසියක් මොකද ? දේශපාලකයන්ගේ ලයිට් බිල් ගැන කොතරම් ප්‍රවෘත්ති පසුගිය කාලේ ආන්දෝලාත්මක ප්‍රශ්නයක් වුණානේද ? ඒත් ඒ ලයිට් බිල් ගැන මීක් නැහැ.
ඉස්සෙල්ලම කියනවා මේ ලිපිය ලියල තියෙන්නෙ රෝසි නානානායකද? ගාණක් ලියාගන්න බැරුව..
මිනිස්සු පිංකැටවලට මුදල් පූජා කරන්නේ මේ වියදම් වලටත් එක්ක...! රනිල්, හොඳ වැඩක්....
ඔය ගොඩක් ඇමතිවරු මන්ත්‍රි වරු නොගෙව තියන ලක්ශ ගනන් විදුලි බිල් ඉක්මනින්ම ගෙවල දාන්න නැත්නම් උන්ගෙ විදුලිය විසන්දි කරනව කියල අනිවාර්ය කරන්න
මාලිගාවේ විදුලිබිලට වෙනම පින් පෙට්ටියක් හදලා ඒ පින් බලෙන් දිවිය ලෝකේ යනවා කියලා කිව්වොත් මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවරකරගන්න පුළුවන්
මේ වැඩේ හරි කියල කියන අයගෙ කමෙන්ට් වලට තියෙන ඩිස්ලයික් දැක්කම හිතාගන්න පුළුවන් ලංකාවෙ මිනිස්සු මොන තරම් ලේසියෙන් නොමග යවන්න පුළුවන් ද කියල..ආගම ජාතිය ඉස්සරහට දාල ඇවිලෙව්ව නම් ඕනෙම අවස්ථාවාදියෙක්ට ලේසියෙන්ම දිනන්න පුළුවන් .
ජෙවිපි එකටයි , සජෙබෙටයි විදිලි මාපියාව අයිති කරගෙන ඉන්න රජපක්ශ හොර නිලදාරි හැත්තටයි ඔනෙ කමෙන්ට් ටික දාල ලන්කඩෙඑපෙ කරන බලු වඩෙ.
රනිලගෙ විඩෙස් සන්චාරවලට යන වියඩම හර අනිත් සියලුම වියඩම් අයකර ගන්න ඔන, එක විතරක් අපි ගෙවන්නම් - meete toy bay සන්සදය
දියවඩන නිලමේ තුමාගේ වැටුප් හා දීමනා කීයද කියලා හෙළි කරන්නකෝ... එතකොට ඔය ගැන තීරණයක් ගන්න ලේසියි...
ඔන්න දැන් රටෙ ඉන්න බවුද්ධයො74% දැන් කැලබෙනව , පිනට පහල උනු ජනධිපති ඉදිරිපත් වෙලා නියෝයක් දෙනව මෙක මගෙ නියමයෙන් ජනාදිපති අරමුදලින් ගෙවන්න කියල , අන්න බවුද්ධයො සාදුකාර දීල පිනට පාර්ලිමේන්තුවට පහල උනු ජනදිපතිගැන කරුනාව පහල වෙලා ඊලග චන්දයට ගෙන්න කටයුතු කරනව. මේඑක තමයි මහදැන මුත්තගෙ ගොලයන්ගෙ ප්ලෑන් එක.