
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අංගොඩ හිඹුටාන මුල්ලේරියාව නව නගරයේ සැකකාරිය කාර්යාලය පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කර ඇති අතර කාර්ය මණ්ඩලයට වෙනත් කිසිවකු නැතැයි පොලිසිය කියයි.
කොළොන්නාව ප්‍රදේශයේ කන්තාවකගෙන් දෙමහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 80 ක ට ඉදිකර දෙන බව පවසා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 57 ක් ලබාගෙන අඩක් පමණක් නිවසේ වැඩ කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ස්ථීර ලිපිනයක් සැකකාරියට නොමැති බවත් සහෝදරයකු මාර්ගයෙන් සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම කළ බව උසස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd