(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රන්තයේ වෙරළට ඔබ්බෙන් වූ රික්ටර් මාපකයේ 7.3ක අගයක් ගත ප්‍රබල භූ කම්පනයක් හටගැනීම හේතුවෙන්සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය අද(16) උදෑසන ඇති වූ දැවැන්ත භූමිකම්පාවෙන් පසු පැසිෆික් කලාපයට ආසන්නව පිහිටි ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එසේම ඇලස්කාවේ ගිනිකඳු නිරීක්ෂණාගාරයද ෂිෂාල්ඩින් ගිනිකන්ද සක්‍රීය වීමේ අවදානමක් තිබෙන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ද කටයුතු කළේය.