(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හදුන්වා දුන් විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය හරහා (මාර්ගගත ක්‍රමය) ගැනීමේ ක්‍රමවේදයෙන් පසුගිය මාසයක කාලය තුළ 30,000 කට ආසන්න සංඛ්‍යාවක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එම ක්‍රමවේදය හදුන්වා දී මාසය තුළ 29,578 ක් අයදුම් කර ඇති බවත් ඉන් අයදුම්පත් 5,294 ක් එක්දින සේවය සදහා ද, අයදුම්පත් 24,285 ක් සාමාන්‍ය සේවය සදහා ද ලැබී ඇති බවත් අමාත්‍යවරයා කීය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පසුගිය ජූනි 15 වැනිදා ආරම්භ කළ බවත් එදින සිට ගත වූ දින 30 ක් තුළ මෙම අයදුම්පත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බවත් අමාත්‍ය ටිරන් අලස් සදඟන් කළේය.
අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බව කී අමාත්‍යවරයා අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බව ද සඳහන් කළේය.
මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd